CHAPTER 14

1.2K 264 36
                                    

ලොකු අපහසුතාවයකුත් එක්කම ජන්කුක්ව නින්දෙන් ඇහැරුනා.ටේහියුන්ගෙ කාමරේ තියෙන A/C එක වැඩකරත් ජන්කුක්ට දාඩිය දාලා තිබ්බා.



‍යටි බඩෙන් දැනුන වේදනාවට ජන්කුක් බඩත් අල්ලගෙනම ඇදෙන් නැගිට්ටා.ජන්කුක් කෙදිරිගාන ගමන් දගලනවා තේරුන ටේහියුන් ඉක්මනින් නැගිට්ටා.



"බේබි මොකද උනේ?" ජන්කුක්ගෙ වේදනාවෙන් පිරුනු මූන දිහා බලාගෙන ටේහියුන් ඇහුවා.ටේහියුන් නලලත් රැලිකරගෙන ජන්කුක්ගෙන් පිට වෙන ස්වීට් ස්මෙල් එකට ඉව ඇල්ලුවා.



"ර්-රිදෙනවා." ජන්කුක් යටි බඩත් අල්ලගෙන කෙදිරි ගෑවා. කවුරුහරි උල් පිහියකින් බඩට අනිනවා වගේ වේදනාවක් ජන්කුක්ට දැනුන. ජන්කුක්ගෙ මූන උණ හැදිලා වගේ වේදනාවට රතු වෙලා.



ජන්කුක් වේදනාවෙන් කෙදිරිගාද්දි ටේහියුන්ගෙ අත්දෙක වෙව්ලුවා.



"ඔහොම ඉන්න බේබි, මන් දැන්ම ඔයාව ඩොක්ටර් කන්ග් ගාවට එක්කගෙන යන්නම්" ටේහියුන් ජන්කුක්ගෙ පිටිපස්සෙන් ඇල්ලුවාම ජන්කුක්ගෙ පිටුපසෙන් ටේහියුන්ගෙ අතට තෙත් ගතියක් දැනුනා.නලලත් රැලි කරගත්ත ටේහියුන් ඒක මගඇරලා ජන්කුක්ව උස්සගෙන ඩොක්ටර් ගාවට දිව්වා.

-----------------------------------------------------------------------------

"ඩොක්ටර් ජන්කුකීට මොකක්ද වෙලා තියෙන්නෙ?" වේදනාවෙන් කෙදිරිගාන ජන්කුක්ව දැක්කාම ටේහියුන්ගෙ හදවත වේදනාවෙන් පිරුනා.



"අදිරජුනි, රැජිනියට එයාගෙ හීට් එක හැදිලා තියෙන්නෙ."



"හීට් එක?" ටේහියුන් ජන්කුක්ව තවත් ලගට තුරුල් කරගෙන බඩ අතගාන ගමන් එයාගෙ වේදනාව අඩු කරන්න උත්සාහ කරනවා.



"ඔව්. හීට් එක හරියට ගැහැනු අයගෙ mestrual cycle වගේ හයිබ්‍රීඩ්ස්ලටත් මාසෙකට සැරයක් එයාලගෙ හීට් එක හැදෙනවා.මන් හිතන්නෙ රැජිනියගෙ පලවෙනි හීට් එක ඒකයි එයාට ඒ වේදනාව හුරු නැත්තෙ"ඩොක්ටර් කන්ග් කිව්වා.



බාගෙට ඇස්දෙකත් පියවිලා හෙමින් කෙදිරිගාන ජන්කුක් දිහා ටේහියුන් බැලුවා."ඒත් ඔයාට පුලුවන් එයාගෙ වේදනාව අඩු කරන්න?"කියලා ටේහියුන් ඇහුවා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now