CHAPTER 24

1.1K 212 19
                                    

"බේබි, ජින් හියුන්ග් හරිම නරකයි.මන් එයාගෙ ආසම අයිස්ක්‍රීම්වලින් එකක් කෑවා ඉතින් දැන් එයා මට බනිනවා.තව, මගේ කනෙන් හයියෙන් ඇද්දත් එක්ක! මන් හිතුවෙ මගේ කන ගැලවිලා වැටයි කියලා. ජින් හියුන්ගෙ ශක්තිය නම් විහිලුවක් නෙමේ.ඇයි දන්නෙ නෑ එයා බර උස්සන්න බැදුනෙ නැත්තෙ ඇයි කියලා." ටේහියුන් හිනාවුනා.

එයා ඔලුවෙන් එක අතක් තියාගෙන අනිත් අතෙන් ජන්කුක්ගෙ අතක් අතගාන ගමන් ආදරේ පිරුනු ඇස්වලින් බලාගෙන හිටියා."යුන්ගි හියුන් අන්තිමේදි ජිමින්ට ප්‍රොපෝස් කරා! ඇත්තටම අපි පුදුම උනෙ නෑ. යුන්ගි හියුන් ගොඩාරියක් ජිමින්ට ගොඩාරියක් ආදරෙයි හරියට මන් බේබිට ආදරෙ තරමටම." අන්තිමට ටේහියුන්ගෙ කටහඩ වේදනාවෙන් පිරුනා.

වෙනදටනම්, ජන්කුක් චෙරිගෙඩියක් තරමටම රතු වෙලා ලැජ්ජාවෙන් "I love u~ " කියලා ටේහියුන්ට කියනවා.ඒත් අද ජන්කුක්ගෙ ඇස් තාමත් පියවිලා ඇදේ හරිම සන්සුන්ව නිදාගෙන ඉන්නවා.

ටේහියුන් ලොකූ හුස්මක් අරගෙන පිටකරලා, "කාලය ඉක්මනින් ගෙවෙනවා බේබි, අදට මාසයක්." 



තවත් මොනවහරි කියන්න හැදුවත් ඇස් දෙකට කදුලු පිරුනත් ඒවා වැටෙන්න නොදී නවත්තගත්තා."ඔයා හරිම නරකයි බේබි. ඔයා මාව හොදටම අඩවනවා. කවුරුවත් මාව මේ විදිහට අඩවලා නෑ." ටේහියුන් වෙව්ලන කටහඩින් මිමිනුවා.



අන්තිමේදි, තවත් ටේහියුන්ට දරාගන්න බැරි උනා. ඇස්දෙකෙන් පාලනයක් නැතුව  කදුලු කැට එක දිගට ගලාගෙන ගියා.ටේහියුන් ජන්කුක් දිහා හිස් හැගීමකින් බලාගෙන හොදටම ඇඩුවා.

"ඔ-ඔයා කවදද බේබි නැගිටින්නෙ?" ටේහියුන් ඇහුවා. ඒත් කවුරුත්ම ඒකට උත්තරයක් දන්නෙ නැ.

"මට ඔයාගෙ හිනාව, ඔයාගෙ කියුට් giggles, මට ඒවා ගොඩාරියක් මතක් වෙනවා බේබි..."

"ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද?" ටේහියුන් බලාපොරොත්තුවෙන් වගේ ජන්කුකීගෙ මූන දිහා බලාගෙන හිටියා. ටේහියුන් හිතුවා ජන්කුක් නැගිටලා එයාගෙ ඔලුව ඔව් කියලා හොලවලා එයත් එක්ක හිනාවෙයි කියලා.ඒත් ඒ කිසිම දෙයක් උනේ නෑ.

||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now