CHAPTER 29

1.2K 209 16
                                    

Many months passed by....

"Wakey~ wakey~ ඉරත් පායලා දවලුත් වෙලා බේබි, කෝ දැන් නැගිටින්න." ටේහියුන් ජන්කුක්ව හෙමින් හොලවනගමන් කතා කරා.



ජන්කුක් ටේහියුන්ගෙ අතට ගහලා, "එ-එහාට යන්න! මෝඩ මදුරුවා..." ජන්කුක් තොල්දෙකත් උල්කරගෙන මිමිනුවා.



ජන්කුක් තමන්ට කිව්ව නම ඇහිලා ටේහියුන්ට එයාගෙම කෙල ඉස්මොල්ලෙ ගියා."මොකක්? මෝඩ මදුරුවා! මගේ කොහෙද දැන් මදුරුවෙක්ගෙ වගේ තියෙන්නෙ බේබි? හහ්?!"



"ඔ-ඔයාට අත්තටු දෙකක් තියෙනවා....." ජන්කුක් ඇස්දෙකත් වහගෙනම මිමිනුවා.



ටේහියුන් හයියෙන් හිනා උනා. "කුකුලටත් තටු දෙකක් තියෙනවා. එතකොට එයාලත් මදුරුවොද?"



ජන්කුක් නලල රැලි කරගත්තා.හෙමින් ඇස්දෙක ඇරලා ඇදේ ඉදගෙන ටේහියුන් අහපු ප්‍රශ්නෙ ගැන හිතන්න පටන්ගත්තා.



ජන්කුක්ගෙ තියෙන හුරතලේට ටේහියුන් හිනා වුනා."ඉතින්?"



"එහෙම නෑ! මදුරුවා නම් මදුරුවා! කුකුලා නම් කුකුළා!" ජන්කුක් ඇස්දෙක ලොකූ කරගෙන හයියෙන් කෑගැහුවා.



ටේහියුන් හිතුවෙ නෑ ජන්කුක් එයාගෙ මේ මෝඩ ප්‍රශ්නෙට උත්තර දෙයි කියලා. ටේහියුන් හිනාවෙනගමන් හිතුවා. "හරි හරි බේබි. දැන් දත් මැදලා ලන්ච් එකට යන්න ඕනෙ!"



"ඕකේ! මාව වඩාගන්නකො හියුන්ගී!"ජන්කුක් ටේහියුන් දිහාවට අත්දෙක දික් කරලා කිව්වාම තොල් උඩින් පෙක් එකක් තියලා ජන්කුක්ව පරිස්සමෙන් වඩාගත්තා.



"හැමතිස්සෙම වගේ අන කරනවනෙ මට, හහ්?" ටේහියුන් ජන්කුක්ට විහිලු කරාම ජන්කුක් තොල් උල් කරගත්තා.



"ඇවිදිනකොට මහන්සියි~ මන් හිතන්නෙ හියුන්ගිත් ට්‍රයි කරලා බලන්නකො ඔයාගෙ බෙලි එකේ තියාගෙන ඇවිදින්න! ඔයා මටත් වඩා කෙදිරි ගායි! හුහ්!" ජන්කුක් කිව්වා.



"තව මාසයයි.හරියටම තව මාසෙකින් බන්බන් එලියට එනවනෙ.ඒ නිසා දුක්වෙන්න එපා, බේබි~" ටේහියුන් හෙමින් ජන්කුව වඩාගෙන ඇවිද්දා. 



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now