CHAPTER 02

2.1K 327 21
                                    

ටේහියුන් එයාගෙ වටේ පිටේ ඉන්න මිනිස්සු දිහා බලනගමන් සිංදුවකුත් මුමුනන  මුමුනන හෙමින් පාර දිගේ ඇවිදගෙන ගියා.තමන්ගෙ විශාල අත්තටු දෙක ඕනිම වෙලාවක අතුරුදහන් කරන්න පුලුවන් නිසා ටේහියුන් සතුටින් හුස්මක් පිට කළා. මේ නිසාම තමයි එයාට මිනිස් ලෝකෙට එන්න පුලුවන් උනේ!



ටික දුරක් ඉස්සරහාට ඇවිදගෙන යනකොට ටේහියුන්ට අමුතු සුවදක් ආවා. "අමුතුයි..!" කියලා තමාටම මුමුනගත්තා.



ටේහියුන් පාලමේ ගැට්ටෙන් අත්ක් තියාගෙන අනිත් අත එයාගෙ අසාමාන්‍ය වේගයකින් ගැහෙන හදවත උඩින් තියාගෙන අතගෑවා.ටේහියුන් දන්නවා මෙහෙම වෙන්නෙ එයාගෙ මේට් තමන්ට ගොඩාක් ළගින් ඉන්න නිසා කියලා.



ටේහියුන් වටපිට බැලුවා.බැම්ම උඩට නැගලා ඉන්න කෙනා දිහා නලල රැලි කරගෙන එයා මොකක්ද කරන්න හදන්නෙ කියලා බලාගෙන හිටියා.ඒත් ඒ කෙනා එතනින් පල්ලෙහාට පැන්නා!



ටේහියුන්ගෙ ඇස්දෙක ලොකු කරගෙන "ඉන්න...!" කියලා කෑගැහුවා.ඒත් වැඩක් උනේ නැ!ටේහියුන් ඉක්මනට බැම්මට නැගලා පල්ලෙහාට පැන්නා.තමන්ගෙ අත්තටු දෙක එලියට එන්න මොනවහරි වචන ටිකක් මිමිනුවා.ටේහියුන් පියාඹලා ගිහින් ඉක්මනින් ඒ කෙනාව අල්ලගත්තා.



ටේහියුන් පිරිමි ළමයගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. එකපාරටම,"මේට්?!" ටේහියුන්ගෙ ඇස් දෙක රත්තරන් පාටින් දිලිසුනා.දිග ඇස් පිහාටු එක්ක තියෙන බෝල ඇස්දෙක, බොත්තම් නහය, චෙරිපාට තොල්දෙක දිහා ටේහියුන් ඇස්පිය නොහෙලා බලාගෙන හිටියා.ඒත් ඒ චෙරිපාට තොල් දෙක වේලිලා ගිහින්, ඒ තොල් දෙක හපලම ඒ රතුපාට මැකිලා ගිහින්!



"වොහ්~"මේට් මුමුනනවා ටේහියුන්ට ඇහුනා. අමුතු විදිහට හිනාවෙලා එයා දිහා බලාගෙන ඉන්න තමන්ගෙ මේට්ගෙ හිනාවට ටේහියුන්ගේ හදවත අසාමාන්‍ය විදිහට ගැහුනා."මන් මේ හීනයක්වත් දකිනවද?" කියලා අහනවා ටේහියුන්ට ඇහුනා.ටිකකින් ටේහියුන්ගෙ තුරුලෙම මේට් නින්දට වැටුනා.



"ලස්සනයි...." ටේහියුන් මිමිනුවා, "ඇයි එයාට හා කන් දෙකක් තියෙන්නේ?" කියලා ටේහියුන් තමන්ගෙන්ම ඇහුවා. අත්දෙක අතරෙ ඉන්න තමගෙ මේට්ගෙ කිසිම බරක් දැනෙන්නෙ නැති තැන ටේහියුන් නලල රැලිකරගත්තා."අපි දැන් ගෙදර යමු.ප්‍රින්සස්!". ටේහියුන් එයාගෙ මේට්ගෙ නලලින් හාදුවක් තියලා ටේහියුන් ඇස්දෙක වහගෙන එයාගෙ මාළිගාවට ටෙලිපෝර්ට් උනා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now