CHAPTER 21

1.4K 233 24
                                    

ලොකූ ඔලුවෙ කැක්කුමක් එක්ක ජන්කුක් ඇහැරුනා. රිදෙන ඔලුව අත්දෙකෙන් අල්ලන්න හැදුවත් අත්දෙක උස්සගන්නවත් එයාට බැරි උනා.ඉක්මනින් ඇස් ඇරපු ජන්කුක්ට පේන්න තිබුනෙ එයාගෙ අත්දෙකයි කකුල්දෙකයි දම්වැලකින් බැදලා දාලා. ඒ මදිවට එයා ඉන්නෙත් ජරාවෙච්ච ශීට් එකක් එලපු ඇදක් උඩ.

කාමරේ පුරාම ඇස් යැව්ව ජන්කුක්ට මේ කාමරේ ලොකූ හුරුපුරුදු බවක් තියෙනවා දැක්කාම හයියෙන් කෙදිරිගෑවා.එයා දන්නවා මේ කොහෙද කියලා.

එයා කෝමද දැනගන්නෙ නැතුව ඉන්නෙ ඇත්තටම මේ එයා ඉදගෙන ඉන්නෙ එයාගෙ පරන ඇද උඩනෙ?එයා ආයෙමත් එයාගෙ පරන ගෙදර.

මේ ඔක්කොම හීනයක්ද? 

එයා හදිස්සියේම එයාගෙ පරන ගෙදරට ඇව්ත් තියෙන්නෙ ඇයි?

අදුරේම එයා දිහා බලාගෙන ඉන්න හුරුපුරුදු ඇස්දෙකක් දැක්ක නිසා බය උනු ජන්කුක් ඇදේ පස්සෙන් පස්සට ගිහින් ඇදේ ගුලි උනා.

"අ-අම්මා.."එයා ලගට එන ගෑනු කෙනා දැක්කාම ජන්කුක්ගෙ ඇස් කදුලුවලින් තෙත් උනා.

මිසිස් ජියෝන්ගෙ මූනෙ උමතු හිනාවක් ඇදුනා. "හුග කාලෙකට පස්සෙ නේද, මගෙ පුතේ??"

"ම්-මන් ඔයාගෙ ප්-පුතෙක් නෙමේ.. ඔ-ඔයා මට කවදාවත් ඔ-ඔයාගෙ පුතෙක් විදිහට සැලකුවේ නෑ!!"ජන්කුක් හයියෙන් කෑගැහුවාම මිසිස් ජියෝන් අඩියක් විතර ආපස්සට ගියා.

"මට පේන විදිහට දැන් තමුන්ට කටගහගෙන එන්නත් පන තියෙනව නෙහ්!?" මිසිස් ජියෝන් ජන්කුක්ගෙ නිකටින් රිදෙන්න තද කරලා අල්ලගෙන දත්මිටි කනගමන් ඇහුවා."බලනවා තමුන්ගෙ මේ මහත කම්මුල්, අපායෙදි හොදට සැලකිලි හම්බවෙලා වගෙ, හහ්!?"



ජන්කුක් එයාගෙ නිකටෙන් එන වේදනාව ගනන් ගන්නෙ නැතුව, "ඔයා කොහොමද අපාය ගැන දැනගත්තෙ?" ජන්කුක් ඇහුවා.



"උත්තරේ හරිම ලේසියි.මන් ඩේමන් කෙනෙක්ව ඩේට් කරනවා!" ජන්කුක්ගෙ නිකට තවත් තදින් අල්ලන ගමන් කිව්වා."ඔයාව මෙතනට ගෙනාව කෙනා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලග වැඩ කරන කෙනෙක්"



ජන්කුක්ගෙ ඇස් දෙකත් ලොකූ කරගෙන මිසිස් ජියෝන් දිහා අවිශ්වාසයෙන් බලාගෙන හිටියා."ඔ-ඔයා ඩේමන් කෙනෙක්ව ඩේට් කරනවා?"



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now