CHAPTER 04

1.6K 310 24
                                    

"ඔහොම මූන එල්ලගෙන ඉන්න එක නවත්තන්න ටේ.ඔයා දැන් කොච්චර වෙලාවක ඉදන්ද ඔහොම මූන එල්ලගෙන ඉන්නේ! ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ?"පාර්ක් ජිමින් ටේහියුන්ගෙ සිංහාසනයට එහාපැත්තෙන් තියෙන ආසනයක වාඩිවෙන ගමන් ඇහුවා.



ටේහියුන් හයියෙන් මූන අත්දෙකෙන් පිරිමදින ගමන් ලොකු හුස්මක් අරගෙන පිට කරා. "මන් ඒ ගත්ත තීරණය ගැන පසුතැවෙනවා.මන් කොහොමද මගේ මේට්ව එහෙම ලොක් කරලා තියන්නේ?" ටේහියුන් මිමිනුවාට ජිමින්ට ඒක ඇහුනා.



"ඔව් නෙහ්~ ඔයා කොහොමද- පොඩ්ඩක් ඉන්න, මොකක්!? ඔයා කවද්ද ඔයාගෙ මේට්ව හොයාගත්තේ!? ජිමින් ටේහියුන්ගෙ උරහිසෙන් අල්ලලා හොලවන ගමන් ඇහුවා.ටේහියුන් ඉක්මනට පිස්සුවෙන් වගේ හැසිරෙන ජිමින්ව අහකට කලා.



"ඔයා මගේ ශර්ට් එක ජරා කරනවා" ටේහියුන් සද්දෙන් කිව්වා. ඒත් ජිමින් බයවෙලා වගේ ටේහියුන් දිහාම බලාගෙන ඉන්නවා."මට ඔහුව ඊයෙ හම්බවුනේ"



"ඔහ් ගෝඩ්! පිරිමි ළමයෙක්ද? එයා ගොඩක් හැන්ඩ්සම්ද?! ජිමින් ඇහුවා.



"ඔව්..ඒ වගේම ගොඩාරියක් ලස්සනයි.ඒත් එයාගෙ සෞඛයය තත්වෙනම් එච්චර හොද නෑ-"

"ඒයි මෝඩයා! ඒ ළමයාව තමුන් ලෙඩ වෙලා ඉන්නකොට කොහොමද ලොක් කරේ!? මන් දන්නවා අපිට හදවතක් නෑ කියලා ඒත් ඔයාගෙ මේට් ඒකෙන් අනතුරකට ලක්වෙන්න පුලුවන්!" කියලා ජිමින් ටේහියුන්ගෙ ඔලුවට ටොක්කක් ඇන්නා.



"මට එයාව ලොක් කරන්න ඕනේ නෑ! ඒත් එයාට මැරෙන්න ඕනෙලු මිනී.එයා මගෙ ඉස්සරහම ජනේලෙන් බිමට පැන්නා.මන් එහෙම එයාව ලොක් කරේ නැත්නම් ආයෙමත් එයා සුයිසයිඩ් කරගන්න හදයි!" ටේහියුන් දුකෙන් කිව්වා.



"අනේව්~ඔයා එයාත් එක්ක කතාකරන්න ට්‍රයි කරාද?"ජිමින් ඇහුවා. ටේහියුන් නෑ කියන්න ඔලුව වැනුවාම ජිමින් ලොකූ හුස්මක් පිට කරා."කොහොමද මන් එයාට කතා කලොත්?" කියලා ජිමින් කිව්වා.



"ඔයාගෙ මූන දැකලා එයාට පැන්ක් ඇටෑක් එහෙම ආවොත් මට බයයි." කියලා ටේහියුන් කිව්වා.



"ඇයි මගෙ මූන ඇනබෙලාගෙ වගේද? මාව දැක්කාම කොහොමද එයාට පැනික් ඇටෑක් එකක් එන්නෙ? හොදයි එහෙම උනත්, ඔයා දන්නවනෙ මට මිනිස්සුන්ව සනසන්න පුලුවන් කියලා නේද?" කියලා ජිමින් කිව්වා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now