CHAPTER 27

1K 208 23
                                    





ජන්කුක් හොරෙන් කිචන් එකට ඔලුව දැම්මා.කවුරුහරි ඉන්නවද කියලා වටපිට බලනගමන් ඇගිලිතුඩුවලින් හෙමිහිට කිචන් එක ඇතුලට ගියා. "ආහ්හ්!" එකපාරට උරහිස්සට කවුරුහරි තට්ටුකරපු පාර ජන්කුක්ට කෑගැස්සුනා.



ජන්කුක් ඉක්මනින් පිටිපස්ස හැරිලා බැලුවා. එතන හිටියෙ කිචන් එකේ හෙඩ් මේඩ්, මින්‍යොන්ග්. "මින්‍යොන්ග් නූනා! ඔයා මාව බය කරා~" ජන්කුක් ඇන්ග්‍රි පවුට් එකකින් කිව්වාම මින්‍යොන්ග් හිනා උනා.



"මට සමාවෙන්න රැජිනියනි.ඒත් ඔයා කිචන් එකේ මොනවද කරන්නෙ?" මේඩ් ඇහුවා.



"අද හියුන්ගිගෙ බර්ත්ඩේ එක!" ජන්කුක් සතුටින් අත්දෙකත් උස්සගෙන කෑගහලා කිව්වා.



"ඔහ්~ මට ඇත්තටම ඒක අමතක උනා.මන් කේක් එකක් හදන්න ඕනෙ-" "මට හියුන්ගිට කේක් එකක් බේක් කරන්න ඕනෙ, නූනා!"



"ඒත් කලින් පාර ඔබතුමාගෙ ඇගිල්ලක් කැපුන නිසා රජතුමා ඔයාට කිචන් එකට එන්න තහනම් කරානෙ. "



"ප්ලීස් නූනා~ කේක් එකක් බේක් කරන්න පිහියක් ඕනෙ නෑනෙ! ප්ලීස්?" ජන්කුක් එයාගෙ බෝල ඇස්වලින් මින්‍යොන්ග් දිහා බලාගෙන හිටියා.



මින්‍යොන්ග් හුස්මක් පිටකරලා,"හරි එහෙනම්, ඒත් මටත් උදව් කරන්න දෙන්න රැජිනියනි."



"තැන්කූ නූනා!"ජන්කුක් උද්‍යෝගයෙන් උඩ පැනලා කිව්වා.

---------------------------------------------------------------------------------------------------------

ජන්කුක් චූටි ස්ටූල් එකකින් වාඩිවෙලා කේක් එක බේක් වෙනකන් අවන් එක දිහා බලාගෙන හිටියා.ඒ බෝල ඇස්දෙක සතුටින් දිලිසෙනවා.



ජන්කුක්ගෙ කියුට් මූන දැක්ක කිචන් එක ක්ලීන් කරන ගමන් ඉන්න මින්‍යොන්ගෙ මූනෙ හිනාවක් ඇදුනා. කේක් එක බේක් වෙලා ඉවරයි කියන්න වගේ අවන් එකෙන් එන "ටින්ග්~" සද්දේ ඇහුනගමන් ජන්කුක් සතුටින් හිනාවුනා.



ස්ටූල් එකෙන් බැහැලා දිව්ව ජන්කුක් අවන් එක ඇරියා.උනු උනුවෙන්ම බේක් උනු කේක් එකේ සුවද ඇස්දෙකත් පියාගෙන රසවින්දා. තියෙන උද්‍යෝගයට ජන්කුක් ගල්වුස් දෙකවත් දාන්නෙ නැතුවම කේක් එක එලියට ගන්න ට්‍රේ එක අල්ලපු ගමන් කෑගැහුවා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now