CHAPTER 11

1.5K 301 36
                                    



ජන්කුක් මාළිගාවෙ හැමතැනම ඇවිදිනවා.එයාව හම්බෙන හැම ගාර්ඩ් කෙනෙක්ම මේඩ් කෙනෙක්ම ජන්කුක්ව දැක්කාම ආචාර කරනවා.ඒත් ඒවා කිසිදෙයක් පෙනුනේ නෑ එයාට.ජන්කුක් එයාගෙ තොල්දෙකත් උල්කරගෙන ටිකක් විතර තරහින් හැමතැනම බලන ගමන් කොහෙටහරි යනවා.



ටේහියුන් කිව්වා එයාට ඩේමන්ලාත් එක්ක රැස්වීමක් තියෙන නිසා ජන්කුක්ට තනියෙන් සෙල්ලම් කරන්න කියලා.ඒත් ඉතින් අපේ ඩේමන්ගෙ පුංචි මේට් කැමති නෑනේ ටේහියුන් එයා ළග නැති වෙනකොට.ඒකයි මේ ජන්කුක් හැමතැනම වටපිට බල බල ටේහියුන් ඉන්නෙ කොහෙද කියලා හොයන්නේ.



ජන්කුක් එක කාමරයක් පහු කරගෙන ගියා.මොකක් හරි දෙයක් තියෙනව වගේ ලාවට දැක්ක නිසා නැවතිලා හැරිලා බැලුවා.පියානෝ එකක් තියෙනව දැක්ක ජන්කුක්ගෙ ඇස්දෙක ලොකූ උනා.ජන්කුක් ඉක්මනින්ම කාමරේ ඇතුලට ගිහින් ඒ පියානෝ එක එයාගෙ චූටි ඇගිලිවලින් ඇල්ලුවා.



"වොහ්~"ජන්කුක් හිනාවෙන ගමන් පියානෝ එකේ සුදු පාට කී එකකට ඇගිල්ල තිබ්බා.
ඒත් එකපාරටම ජන්කුක් චූටි අතේ මැනික් කටුව ලගින් කවුරුහරි තද කරලා අල්ලගත්තාම ජන්කුක්ට කෑගැහුනා.ජන්කුක් ඇස්දෙකේ කදුලු පුරවගෙන ඒකෙනා දිහා බලාගෙන හිටියා.



"කවුද ඔයා?" ඒ කෙනා ඇහුවා.එයාගෙ කටහඩ මුහුද වගේ ගැබුරුයි. ඒකෙනා එයාගෙ බළල් ඇස්වලින් ජන්කුක් දිහා බලාගෙන හිටියා."ඔයා හොදටම දන්නවා නේද මගේ පියානෝ කාමරේට කාටවත් එන්න බෑ කියලා?"



ඒ කෙනා ජන්කුක් අතින් තව ටිකක් තද කරලා ඇල්ලුවාම ජන්කුක්ගෙන් ඉකියක් පිට වුනා."ම්-මන් ජන්කුක්... ට්-ටේහියුන්ගි කිව්වේ මට ඕනෙම තැනකට යන්න පුලුවන් කියලා!"



"ටේහියුන්? ඔහොම ඉන්න, ඔයාගෙ නම ටිකක් විතර අහල පුරුදුයි......... මට කලින් ඒක ඇහුනෙ කොහෙන්ද?" ඒ කෙනා මිමිනුවා." ඔයාද,....... රැජිණ?"



ජන්කුක් ඔව් කියන්න ඔලුව හෙලෙව්වා."ප්-ප්ලීස් දැන්වත් මට ය්-යන්න දෙනවද මිස්ටර්?" ඒ කෙනා අන්තිමේදි ජන්කුක්ගෙ අතඇරියම ජන්කුක්ට වේදනාවට ඇඩුනා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now