CHAPTER 17

1.5K 249 28
                                    

"නෑ ජන්කුක්. ඔයාගෙ අත්දෙක තද වැඩියි.ඔච්චර ඇගිලි මූව් කරන්න එපා ඒක කැතයි.ගුඩ්! දැන් හරියටම හරි.ඒ විදිහටම පොසිශන් එක තියාගෙන ප්ලේ කරන්න"



ජන්කුක් ලොකූ හුස්මක් අරගෙන පිට කලා. යුන්ගි හියුන්ග් එයාට පියානෝ එක ප්ලේ කරන්න කියලා දෙනවට ආසයි ඒත් වෙලාවකට එයාට ටිකක් තරහ යනවා.



"මට මහන්සියි හියුන්ගී~" ජන්කුක් තොල්දෙකත් උල්කරගෙනම කෙදිරි ගෑවා.





යුන්ගි හුස්මක් පිට කරලා,"ඒත් පියානෝ එක ප්ලේකරන්න ඕනෙ නම් ප්‍රැක්ටිස් කරන්න ඕනෙ!" කියලා කිව්වා.





"අනේ චූට්ටක්~ චුට්ටම චුට්ටක් රෙස්ට් කරන්නම්~" ජන්කුක් එයාගෙ බැම්බි ඇස්දෙකත් ලොකූ කරගෙන යුන්ගි දිහා බලාගෙන ඇහුවා.කොහොමද ඉතින් ඒ හුරතල් ඇස්දෙක දොහ බලාගෙන බෑ කියන්නෙ.අන්තිමේදි යුන්ගි පරාජය බාරගෙන ජන්කුක්ට රෙස්ට් කරන්න කිව්වා.





"ඕකී!" ජන්කුක් පියානෝ  සීට් එකෙන් නැගිටලා යුන්ගිවත් ඇදගෙනම ගිහින් බිමින් වාඩි වුනා.





"හියුන්ගී කොච්චර කාලයක් තිස්සෙ පියානෝ එක ප්ලේ කරනවද?"



"මන් හිතන්නෙ අවුරුදු දාහක් වගේ කාලයක ඉදන් හෝ ඊටත් වැඩියි." ජන්කුගෙ ඇස්දෙකත් ලොකූ වෙලා කටත් ඇරුනා.ජන්කුක්ගෙ මූන දැකලා යුන්ගිට හිනා ගියා.



"ඔය කට වහගන්න ජන්කුකී.නැත්නම් මැස්සො රිංගයි ඔයාගෙ කට වහගත්තෙ නැත්නම්."



ජන්කුක් යුන්ගිට හිනාවෙලා"එත් ඒක නියමයි! අනිවාරෙන් හියුන්ගී මියුසික්වලට ගොඩාරියක් ආදරෙයි!" කිව්වා.





"ඔව්.ඩේමන්ලා මගේ සංගීතය ආසාවෙන් රසවිදිනවා දැක්කාම මන් ජීවත් වෙනවා කියලා දැනෙනවා.එයාලගෙ නැටුමයි කටහඩයි කොච්චර කැත් උනත්."ඩේමන්ලා සතුටු වෙනවා මතක් උනාම යුන්ගිගෙ මූන ලස්සන හිනාවකින් පිරුනා.





"එයාලා කියුට්! එයාලා හැමතිස්සෙම මට ප්‍රසංසා කරනවා -" " ඒ ඔයා ගොඩාරියක් ලස්සනයි සහ කියුට් නිසා!. ඒවගේම එයාලට ලැබුන හොදම රැජින ඔයා නිසයි" යුන්ගි ජන්කුක්ගෙ කම්මුලක් මිරිකන ගමන් කිව්වා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Opowieści tętniące życiem. Odkryj je teraz