CHAPTER 10

1.6K 313 35
                                    

VOTE GOAL=150

COMMENT GOAL=50

එකදිගට කාමරේ දොරට තට්ටු කරන සද්දෙට ටේහියුන්ව නින්දෙන් ඇහැරුනා.ටේහියුන් බලෙන්ම වගේ ඇස්දෙක ඇරගෙන හයියෙන් ඇස්පිල්ලම් ගැහුවෙ තමන්ගෙ ඇස්දෙක හොදටම වේලිලා ගිහින් කියලා දැනුන නිසයි.තාමත් දොරට තට්ටු කරන එක නැවතුනේ නෑ.ඒ මදිවට අඩි සද්දත් ඇහෙන්න ගත්තා.

කොච්චර සද්ද ඇහුනත් ජන්කුක් හොදටම බ්ලැන්කට් එකට ගුලි වෙලා නිදි.ටේහියුන් එයාගෙ කොන්ඩෙ අතින් හදන ගමන් කාමරේ දොර පැත්තට ඇවිදගෙන ගියා."මොකද මේ උදේ පාන්දර කලබලයෙන්-" කියලා කියන ගමන් ටේහියුන් දොර ඇරියා.

"අදිරජුනි, අන්තිමට ඔබතුමා අවදි උනා." ප්‍රදාන ආරක්ශකයා ලිම් වූසන්ග් කිව්වා.

"මොකක්ද ප්‍රශ්නෙ වූසන්ග්? ගොඩක් සද්ද කරන්න එපා රැජිනිය තවම නිදි" ටේහියුන් දොරේ දාරෙට හේත්තු වෙන ගමන් කිව්වා.

"ඩේමන්ස්ලා ඔක්කෝම දැන් රාජ සභාවට රැස්වෙලා!" පුලුවන් තරම් කටේ සද්දෙ අඩු කරලා වූසන්ග් කිව්වා.

"ඇයි?" ටේහියුන් නලලත් රැලි කරගෙන ඇහුවා.

"එයාලා කියනවා ඔබතුමා ඒගොල්ලොන්ගෙ අවශ්‍යතාවලට සවන්දෙන්න අඩු කාලයක් ගන්නවා සහ ඔබතුමා රාජසභාවට පැමිනෙනවා අඩුයි කියලත් කියනවා"ටේහියුන් තරහින් දත්මිටිකනකොට බයට වූසන්ගෙ නලලින් දාඩිය බිංදු බේරුනා."එයාල ඔබතුමාට මේ දැන්ම රාජසභාවට එන්න කිව්වා!" වූසන්ග් ආයෙමත් ටේහියුන්ට කිව්වා.

"කරදරකාරයෝ!"ටේහියුන් තරහෙන් කිව්වා."මන් තව ටිකකින් එන්නම් කියන්න. එයාලා කිසිම කෙනෙක්ට ඇතුලට එන්න දෙන්න එපා. රාජසභාවෙම තියන්න!! තේරුනානෙ?"ටේහියුන් කිව්වා.

"ඔව්! අදිරජුනි" වූසන්ග් ටේහියුන්ට ආචාර කළා.ටේහියුන් දොර වැහුවාම වූසන්ග් ලොකූ හුස්මක් අරගෙන පිට කලා.

ටේහියුන් නලල අතගාන ගමන් වොශ් එකක් දාගෙන ක්ලෝසට් එකට ගිහින් පිජාමා සූට් එකෙන් එයාගෙ රාජකීය ඇදුම් ඇදගෙන කන්නාඩියෙන් කොණ්ඩෙ හදාගත්තා.

||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now