CHAPTER 03

1.7K 316 29
                                    

ජන්කුක් සිහින් හඩකින් කෙදිරි ගෑවා.එයාගෙ ඉන හරියෙන් ලොකු බරක් තියලා සහ හරියට වලාකුලක නිදාගෙන ඉන්නවා වගේ ලොකූ සනීපයක් ජන්කුක්ට දැනුනා.ජන්කුක් හෙමිහිට එයා ඇස්දෙක ඇරියාම තමන් ඉස්සරහා කවදාවත් දැකලා නැති කෙනෙක් ඉන්නවා දැකලා හයියෙන් කෑ ගහගෙන නැගිට්ටා.

කොච්චර පිටිපස්සට යන්න හැදුවත් ඉන වටේ එතිලා තියෙන ඒ ශක්තිමත් අතේ ග්‍රහණයෙන් ජන්කුක්ට ගැලවෙන්න බැරි උනා.ජන්කුක් කාමරේ දිහා බයෙන් බැලුවා.ඇත්තටම ජන්කුක් කලුපාටට ගොඩාක් අකමැතියි!.

"මන් හිතුවේ මන් මැරිලා කියලා?"ජන්කුක් තමන්ගෙන්ම ඇහුවා.ජන්කුක් ආයෙමත් තමන්ගේ එහාපැත්තේ ඉන්න කෙනා දිහා බැලුවා."මෙයාද මාව බේරගත්තේ?"

සන්සුන්ව නිදාගෙන ඉන්න ටේහියුන්ගෙ මූන දිහා ජන්කුක් ඇස්පිය නොහෙලා බලාගෙන හිටියා."හැන්ඩ්සම්.."ජන්කුක් ටේහියුන්ගෙ මූන පුරා සිහින් ඇගිලි තුඩු යවමින් මිමිනුවා.

එකපාරටම ටේහියුන් ජන්කුක්ගෙ අතින් අල්ලගත්තාම ජන්කුක්ට කෑගැස්සුනා."නිදාගෙන ඉන්න කෙනෙක් දිහා ඔහොම බලන් ඉන්න එකනම් එච්චර හොද පුරුද්දක් නෙමේ, ප්‍රින්සස්!....." කියලා ටේහියුන් කිව්වා.

ටේහියුන්ගෙ රත්තරන් පාට ඇස්දෙක දැක්ක ජන්කුක්ව ගැස්සුනා. ටේහියුන් හෙමිහිට ජන්කුක්ගෙ ඉනවටේ පටලවගෙන හිටිය අත්දෙක අයින් කරගත්තා."හායි! මගේ පුංචි මේට්. ඇයි ඔයා පුදුම වෙලා වගේ?" පුදුමෙන් එයාගෙ බැම්බි ඇස් දෙක ලොකුකරගෙන ටේහියුන් දිහා බලාගෙන ඉන්න ජන්කුක්ගෙන් ටේහියුන් ඇහුවා.

"ඔ-ඔයා කවුද?" ජන්කුක් ගොතගහමින් ඇහුවා.

"මම යක්ශයින්ගේ රජතුමා.මගේ නම කිම් ටේහියුන්ග් , ඔයා මගේ පුංචි මේට්. ප්‍රින්සස්..." ටේහියුන්ග් එයාගෙ අත් ජන්කුක්ගේ ඒ බෝල කම්මුල් අල්ලන්න හදනකොට ජන්කුක් ඉක්මනට පිටිපස්සට උනා.

"මේට්? යක්ශයෝ? එ-ඒ වගේ දේවල් දැන් නෑ! ප්ලීස් විහිලු කරන එක නවත්තන්න! " කියලා කෑගහන ජන්කුක්ව ටේහියුන්ට පෙනුනේ කියුට් විදිහට තරහ ගිහින් ඉන්න හා පැටියෙක් වගේ!.පොඩ්ඩක් ඉන්න, කෝමත් ජන්කුක් හාවෙක්නෙ!

||His QUEEN|| Taekook Sinhala Translation✔✔Tempat cerita menjadi hidup. Temukan sekarang