CHAPTER 20

1.4K 254 39
                                    

"බේබිට මොන teething ring එකද ඕනෙ? මේ කිටී ඉන්න එකද? නැත්නම් මේ දිලිසෙන එකද?" ටේහියුන් ජන්කුක්ට teething ring එක එක පෙන්නන ගමන් සුසුමක් පිටකලා.තාමත් ජන්කුකී එයාට ආස teething ring එක තෝරගත්තෙ නෑ.

"මේ ටයිගර් ඉන්න එක කෝමද බේබි?" ටේහියුන් කොටි පැටියෙක්ගෙ මූනක් තියෙන teething ring එක පෙන්නුවාම ජන්කුක්ගෙ ඇස් සතුටින් දිලිසුන විදිහ දැක්කාම ටේහියුන් හිනා උනා.

"මේක ඕනී!" ජන්කුක් අත්දෙකම ටේහියුන්ගෙ පැත්තට දික්කරාම ටේහියුන් ජන්කුක්ගෙ සිනිදු කොන්ඩෙ අතගාලා teething ring එක ජන්කුක්ට දුන්නා.

 ජන්කුක් එයාගෙ බනී හිනාවෙන් හිනාවීගෙනම teething ring එක අත්දෙකෙන්ම අල්ලගෙන හපන්න ගත්තා.

ටේහියුන් ජන්කුක්ගෙ හුරතලේ දිහා ආදරේ පිරිනු ඇස්වලින් බලාගෙන හිටියා. එයාගෙ පුංචි මේට් දැන් අඩන එක නවත්තලා හුරතල් බෝලයක් වගේ teething ring එක හපන දිහා ටේහියුන් හිනාවීගෙන බලාගෙන ඉදලා, "බේබි ගොඩාරියක් teething ringවලට කැමතිද?" ඇහුවා.



ජන්කුක් ඔව් කියන්න ඔලුව හොලවලා,"teething ring තමයි බෙස්ට්ම!" කියලා කිව්වා.



ටේහියුන් ජන්කුක්ව උස්සලා එයාගෙ ඔඩොක්කුවෙන් තියාගන්න ගමන් "ඇයි බේබි මේ ටයිගර් ඉන්න එකට ආස හිතුනෙ?" කියලා ඇහුවා.



"ටයිගර් ගොඩාරියක් කියූට් ඒවගේම හියුන්ගි වගේ!" ජන්කුක් එයාගෙ බැම්බි ඇස්දෙක බෝල කරගෙන කිව්වා.



"Roar!" ජන්කුක් කියුට් විදිහට එයාගෙ චූටි උල්දත් දෙකත් පෙන්නලා ටේහියුන්ට කොටියෙක් වගේ ගෙරෙව්වත් එයාව පෙනුනේ චූටි බනී බබෙක් වගේ.



"ඔයාගෙ ඔය හුරතලෙන් මාව මරන්න එපා, බේබි!" ටේහියුන් ජන්කුක්ගෙ ඉන වටෙන් එක අතක් දාගෙන අනිත් අතෙන් ජන්කුක්ගෙ රෝසපාට කම්මුලක් අතගාන ගමන්,"කවදහරි මන් ඔයාගෙ හුරතලේ දරාගන්න බැරුව තමයි මැරෙන්නෙ"කියලා කිව්වා.



ජන්කුක් තොල් දෙකත් උල් කරගෙන,"හියුන්ගි මැරෙනවා? ඒත් කුකී කැමති නෑ හියුන්ගි මැරෙනවට" ඇස්දෙකේ කදුලු පුරවගෙන ටේහියුන්ට කිව්වා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Donde viven las historias. Descúbrelo ahora