CHAPTER 12

1.5K 283 29
                                    

VOTE GOAL=130



"ම්ම්~ ඔබගෙ අත දෙන්න රැජිනියනි! " ඩොක්ටර් කන්ග් කිව්වා. ජන්කුක් හයියෙන් ඉකි ගගහා අඩනවා ඒත් ටේහියුන් ගානක්වත් නැතුව අඩුම තරමේ එයාගෙ මේට්ව සනසවන්නෙ නැතුව වෙන පැත්තක් බලාගෙන ඉන්නවා දැක්කාම ඩොක්ටර් කන්ග් පුදුම උනා.



ජන්කුක් අඩලම බරවුනු නහය උඩට අදින ගමන් එයාගෙ අත දික් කලා.ඩොක්ටර් කන්ග් පරිස්සමෙන් ජන්කුක්ගෙ අතෙ මැනික් කටුව ලගින් අල්ලගෙන හීලින්ග් ජෙල් එකක් ගාලා බැන්ඩේජ් එකකින් එතුවා.



"ඉවරද?" ටේහියුන්ගෙ කටහඩට ගැස්සුන ඩොක්ටර් ඔව් කියන්න ඔලුව වැනුවා. "හරි ඔයාට යන්න පුලුවන්"



"පොඩ්ඩක් ඉන්න, මට ඔබතුමත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද?" ඩොක්ටර් කන්ග් ඇහුවා. ටේහියුන් හා කියන්න ඔලුව වනලා ජන්කුක් දිහා බලන්නෙවත් නැතුව ඩොක්ටර් එක්ක කාමරෙන් එලියට ගියා.



ටේහියුන් එයාදිහා බලන්නෙවත් නැතුව හයියෙන් දොරත් වහගෙන එලියට යනවා ඇහුනාම ජන්කුක්ගෙ ඇස්දෙකෙන් කදුලු කඩන් වැටුනා. ඩොක්ටර් කන්ග් ජන්කුක් දිහා දුකින් බලාගෙන ඉදලා,"මන් යනවා රැජිනියනි.හොදට රෙස්ට් කරන්න!" කියලා කාමරෙන් එලියට ගියා.

ජන්කුක් ඉක්කාවකුත් එක්ක ආයාසයෙන් හිනාවෙලා,"ත්-තැන්කූ ඩොක්ටර්" කියලා කිව්වා.

ඩොක්ටර් කන්ග් රැජිනට ආචාර කරලා හරිම හෙමින් දොරත් වහගෙන කාමරෙන් එළියට ගියා.



"ඔයාගෙ ප්‍රශ්නෙ කියන්න ඩොක්ටර් කන්ග්?" ටේහියුන් ඇහුවා.



"ඔබතුමාගෙයි රැජිනිය අතරෙයි මොකක් හරි ප්‍රශ්නයක් වුනාද? රැජිනිය දැන් ගොඩාක් ඇඩුවා ඒත් ඔබ-" "ඒවගේ ප්‍රශ්නයක් අහන්න ඔයාට අයිතියක් නෑ කන්ග්!" ටේහියුන් දත්මිටි කනගමන් තරහෙන් කෑගැහුවා.



ඩොක්ටර් කන්ග් එකපාරටම බයෙන් ගැස්සුනත් ඒක මගහැරලා, "රෝගියගෙ තත්වය දැන ගැනීම මගෙ වගකීමක්. ඉතින් රැජින මගෙ රෝගියෙක් නිසා රැජිනට මොකක්ද උනේ කියලා දැනගන්න මට අයිතියක් තියෙනවා" කියලා කන්ග් කිව්වා.



||His QUEEN|| Taekook Sinhala Translation✔✔Where stories live. Discover now