Chapter 2💌

60 14 0
                                    


Jimin, Jk සහතිකෙත් අරගෙන පන්තියට ආවා. පන්තියේ හිටියෙ අලුතින් ආපු කෙල්ලො දෙන්නා විතරයි. Min Yu, Chesu කොහෙවත් යන්න දන්නැති නිසා ඉඳගෙන බයිලාවක් කියාගෙන හිටියා. පන්තියෙ මොකෙක්වත් නෑනෙ ඉතින්. Jimin, Jk පන්තියට එනකොට Chesu සින්දු කියනවා Min Yu ඉස්සරහට ඇවිල්ලා නටනවා. මේකි දාන්නෙ කෙලින්ම මන්කි ඩාන්ස් ආයෙ...

කොල්ලො දෙන්නා ඒක දැකලා

කම්පියුස් උනා උන්ගා බුන්ගා.

Min Yu , Chesu දැක්කෙ නෑ මුලින්ම මේ දෙන්නා පන්තියට එනවා.

Jimin's Mind : මේ මොන නාඩගමක්ද යකෝ

Jungkook's mind : අරකි නටන හැටි විතරක්.. මාත් ඉපදුනානෙ මේවා බලන්න. කිසි හැදියාවක් නෑ මුන් දෙන්නට මන් හිතන්නෙ බලකො මෙතන කොල්ලො දෙන්නෙක් ඉන්නවා කියලවත් ගානක් තියනවද

ජිමින්, Jk දෙන්නා ඔරවගෙනම බලන් හිටියා විනාඩියක් විතර. Chesu, Min Yu දෙන්නම හිටියෙ දොරට පිටුපාලා නිසා එයාලා දැක්කෙ නෑ ජිමින් , Jk ආවා කියලා. එකපාරටම Chesu සින්දුව නැවැත්තුවා.

Chesu : " මේ බන් මට බඩගිනි. කැන්ටිම කොහෙද දන්නෑ නෙහ්.. උඹේ ඔය වඳුරු නැටුම ඇති දැන්.. මට යටගිරියෙන් කෑ ගහලම උගුර රිදෙනෝ වගේ බන්.. "

Chesu එහෙම කියලා හැරුන්නැතෑ දොර පැත්තට.. මෙන්න කොල්ලො දෙන්නෙක් බලන් ඉන්නවා. වස ලැජ්ජාවෙ බෑ.

Min Yu : " ඒක තමා බන් මටත් ම...........හා........න්..."

Min yu ට ඉතුරු ටික කියාගන්න බැරි උනේ එයත් මේ වෙනකොට කොල්ලො දෙන්නව දැකලා තිබ්බ නිසා.

Min Yu's mind : හුටා.. දැන් මොකද කරන්නෙ දෙයියනේ. විලි ලැජ්ජාවෙ බැ යකෝ. හැල්මොනීගෙ රෙද්ද තමා මුන් මගේ මන්කි ඩාන්ස් එක දැකලා නම් සුන්.. ඔතරියො දීපිය මට සවලක් මෙතනම වලක් කපාගෙන වැළලෙන්න.

✍️ - මේ වෙලාවෙ නම් නෑ ඔන්නි 🥲 සමාජෙට මුහුණ දෙන්න. කරන්න දෙයක් නෑ. 😌 ටිකක් හිතලා බලලා වැඩ කරන්න කියන්නෙ ඕකයි.

කොල්ලො දෙන්නා Min Yu, Chesu දිහා බලන් ඉන්නවා කන්න වගේ.

Jimin : " තමුන්ලා මොකද මේ පන්තියෙ කරන්නෙ ආ 🤥 "

Min Yu : " අ... අ... අපි මේ නි....නි...ක..න් අනේ..... සො...රි "

Jungkook : " නිකන් ? 🙄"

I NEED YOU || JJK || ✔Onde histórias criam vida. Descubra agora