Chapter 17💌

27 7 0
                                    

ටේගේ කටහඬින් අනිත් අය කර කරා හිටපු වැඩ නවත්තලා බැලුවේ අපි දිහා..........

" ඔයාලා.........."

චෙසූ : " ඔප්පා... ඔයාලා දැන් ගොඩක් දියුණු වෙලා නෙහ්"

සුගා : " ඒ උනාට ඔයාලා දෙන්නා තාමත් අපේ පිස්සු නංගිලා දෙන්නා...."

ඔක්කොම ඇවිල්ලා අපිව hug කරනකොට මට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා... ආයෙත් මම එයාලා ළඟ... ඉස්සර කරපු පිස්සු වැඩ... කොච්චර ඉහළ තැනක හිටියත් එයාලා තාමත් ඉස්සර වගේ...

අන්තිමේට ජන්කූක් ඇවිල්ලා මාව හග් කරනකොට මගේ හුස්ම හිර උනා වගේ දැනුනා..

" ජන්කූ... ආයෙත් හම්බුණු එක ගැන සතුටුයි...."

මන් එයාගේ කනට කරලා එහෙම කියනකොට එයා හිනා උනා. මාත් එක්ක කතා කරෙත් නෑ... පුහ් ! 😒 ආඩම්බරකම... මන් මෙච්චර කල් දුක් වින්දෙ මේවා බලන්නද... හා දත් දෙක බඩට යන්න දෙන්න හිතෙනවා... 😒

" නංගි... ඔයාලා කොහෙද මෙච්චර කල් හිටියෙ....."

" ආයිශ් මේ කෙල්ලො දැන් ගොඩක් ලොකු වෙලානේ....."

" ඔයාලව ගොඩක් මතක් උනා...."

" මින් යූ.... චෙසූ ඉතින් කොහොමද ඔයාලට....."

අනිත් හැමෝම කතා කරාට ජන්කූක් එක වචනයක්වත් කතා කරේ නෑ... මේ මනුස්සයට මොනා වෙලාද...

ඇත්තටම ජන්කූක් මෙහෙම හැසිරෙනකොට මට දුක හිතුනේ නෑ කිව්වොත් බොරු... 🙂

ජෙන්සිවත් අනිත් අයට අඳුන්වලා දුන්නා... පැය ගානක් කතා කර කරා ඉඳලා අපි එයාලගෙ ගෙදරින් ගියා. අවුරුදු ගානක දේවල් කතා කරන්නත් තිබ්බනෙ ඉතින්. ජන්කූක් අනිත් අය එක්ක කතා කරාට මාත් එක්ක කතා කරේම නෑ... මට නම් මාරම තරහයි... ඇයි අප්පා මේ මොන විකාරයක්ද ? ඊටත් වඩා දුකයි. 😣ආයෙ නම් මේ මනුස්සයා දිහා බලන්නෙවත් නෑ. ගොටුකොළ සුනඛ හැලපයා 😤

Pov end.

....................................................................................................................................

A/n - ගායිස් දැන් නම් මට මේක ඇති වෙලා තියෙන්නෙ... ලියාගෙන ලියාගෙන යනවා 🙂 කරන්න දෙයක් නෑ. ඉක්මනින් ඉවර කරන්න ඕනි.

I NEED YOU || JJK || ✔Where stories live. Discover now