Chapter 12💌

22 6 0
                                    


ජන්කූක් කිසිම දෙයක් නොකියා counter එක උඩින් බිමට බැස්සා. ජන්කූක් මින් ළඟට ළං වෙන්න ගත්තා. ටිකෙන් ටික ජන්කූක් තමන් ළඟට එනකොට මින් යූ කරේ පිටිපස්සට ගියපු එක. තවත් පිටිපස්සට යන්න බැරි වෙන්නම මින් යූ බිත්තියක වැදුනා. ජන්කූක් තවත් ළඟට එන්න බැරි තරමටම මින් යූ ළඟට ඇවිත් කෙල්ලගෙ නලලෙන් තමන්ගෙ නලල තියාගත්තෙ මින් යූගෙ උගුරෙ ගුලියක් හිරවෙනවා වගේ දැනෙන්න පටන්ගද්දි...

MIN YU POV :

මම පරක්කු වෙන නිසා ඉක්මනට ගෙදර යන්නයි හැදුවෙ. ඒත් එකපාරටම ජන්කූක් Counter එකෙන් බිමට පැනලා මන් ගාවට එන්න ගත්තා. Jk මන් ගාවට අඩියෙන් අඩිය ළං වෙන්න, වෙන්න මන් කරේ පිටිපස්සට ගියපු එක. එකපාරටම මාව බිත්තියක හැප්පුනේ මට තවත් පිටිපස්සට යන්න බෑ කියලා බිත්තියත් ඉඟි කරන ගමන්. ජන්කූක් නැවතෙන්නෙ නැතුව මගේ ළඟට ඇවිත් මගේ මූණට එබුනා. එයා මගේ නලලෙන් එයාගෙ නලල තියාගන්නකොට , මට මගේ ඇඟ දිගේ හිරියක් යනවා වගේ දැනුනා.

" Jk...."

" මින් යූ... ඔයා ඇත්තටම ....... "

ජන්කූක් මගේ මූණෙ කම්මුල් දෙපැත්තෙන් එයාගෙ අත් යවලා මගේ මූණ පොඩි කරලා දැම්මා. මේ මනුස්සයට මොනා වෙලාද දන්නෑ.. මට රිදෙනවා කියලා තෙරෙන්නැද්ද

" අ...හ් ..ජ්... ක්...යා...ම.. .රි..ඩෙ... න්.. වා "

මන් Jk ට මට රිදෙනවා කියලා කියන්න හැදුවත් පිට උනේ වෙන හෑලි වගයක්.. ඇයි වදේ මේකා මගේ කට පොඩි කරගෙනනෙ ඉතින්... මම මගේ සේරම ශක්තිය දාලා Jk ව තල්ලු කරලා දැම්මා... ජන්කූක් ගිහින් වැදුනෙ මේසෙක... හොම්ද වැඩේ හැබැයි.. ආවා මෙතන...

" ඌයි.. තල්ලු කරන්නෙ.... පිස්සි... "

ජන්කූක් වැදුනු අතත් අත ගගා කියනකොට මට හිනා යන්නත් ආවා. මන් හිනාව තද කරගෙන බොරු තරහා මූණක් මවා ගත්තා 😌

" යාහ්... ජන්කූකා.. මොකක්ද කරන්න ගියේ ආහ්... ආව්.. මගෙ මූණත් චප්ප කරා... "

" හරි හරි ඉතින්... ඔයාව දැක්කම කන්න හිතුනා "

කන්න හිතුනා.. ඒ මොකක්ද කිව්වෙ... මාව කෑමක් වගේද පේන්නෙ දැන් මේකට...

" ආහ් එහෙමද කනවකො ඉතින් "

" ඇත්තටමද "

හුහ්... ඇත්තටමද.. ඇත්තමයි ඊලග සැරේ සපත්තුව උඩින් එවනෝ කුක්කො...

I NEED YOU || JJK || ✔Where stories live. Discover now