Chapter 10💌

28 6 0
                                    


*2 Days Later*

MIN YU POV :

අද තමා Bangtan ලගෙ show එක තියෙන්නෙ.. ආහ්.. මට හිතාගන්නවත් බෑ.. අහම්බෙන් හම්බෙලා.. අනේ මන්දා.. මොනා උනත් එයාලගෙ හැකියාව තියාගෙන මෙහෙම තැනක ඉන්න බෑ.. එයාලා තව ගොඩක් ඉහළට යන්න ඕනෙ.. ඒක නිසයි මම එයාලට ගොඩක් උදව් කරේ.. ඒ හැමදේකටම වඩා ජන්කූක්........ මන් හිතුවෙවත් නැති විදිහට එයා මට ළංවෙලා.. ඒ බෝල ඇස් දෙක, හා නහය, බනී හිනාව මාව වශී කරගෙන වගේ..

මම ලෑස්ති උනේ bangtan ලගෙ show එකට යන්න. අද නිවාඩු දවසක් නිසා චෙසූවත් දාගෙන යන්න පුලුවන්. show එක පටන් ගන්නෙ තව පැය බාගෙකින් විතර... මම ඇඳුමකුත් දාගෙන ගෙදරින් යන්න හදනකොටම .........

" මින් යූ............ කොහෙද යන්නෙ "

එකපාරටම ආපු කටහඬකින් මාව නැවැත්තුවා. ඒ මගේ ඔප්පා. මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ එයාට.. ඔප්පා USA වල ඉඳන් කොරියාවට ඇවිල්ලා අදට දවස් තුනයි.. ඒත් එයා ආවෙ සතියකට වගේ පොඩි කාලෙකට... මම මහ කාලකන්නි කෙල්ලෙක්..

පොඩි කාලෙම ඔම්මගෙ ආදරේ නැති උනා. ඔම්මා නැති උනායිම් පස්සෙ අප්පා බිස්නස් එක්ක බිසී උනා. පස්සෙ මට හිටියෙ ඔප්පා විතරයි.. මාව පොඩි කාලෙ ඉඳන් අඩුවක් නොදැනෙන්න බලාගත්තෙ මගේ ඔප්පා. එයා ගාව ඉන්නකොට මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා. එයාටත් අවුරුදු 20 පහු උනම් පස්සෙ එයත් හිටියෙ බිස්නස් ලෝකෙ.. මම තනි උනා.

" ආහ් මේ ඔප්පා.. මේ මම මේ... මේ... මම "

මට වචන ගොත ගැහුනෙ මම ඔප්පට තියෙන බය නිසා. කොච්චර ආදරේ උනත් මම එයාට බයයි.

" කොහෙද යන්නෙ...."

" ඔප්පා.. ම...ම මේ.. sh...ow ... එකක් බලන්න යනවා... "

එක පාරටම අහපු විදිහ නිසා බයටම මට කියවුනා..

" show එකක් ? 🤨 "

" යා ඔප්පා... මේ bangtan show එකක් .. "

" අහ් Bangtan ? අර පාරෙ free ticket බෙදන කොල්ලො ටික ? "

" ඔප්පා කොහොමද ඒක දන්නෙ "

" දන්නවා. දැන් ඔය යන්න හදන්නෙ එහෙටද ? "

" ඔව්... වේ? ඔප්පා ? "

" නෑ නෑ ඔයා යන්න ඕනෙ නෑ.. ඔයාට ඕනෙ නම් ලෝකෙ ලොකුම musical show එකට උනත් මන් එක්කන් යන්නම්... ඔහෙට යන්න ඕනෙ නෑ.. අනික ඔය පොඩි කොල්ලො ටිකකගෙ show එකක්නෙ... cheap කොල්ලො ටිකක්ද කොහෙදො "

I NEED YOU || JJK || ✔जहाँ कहानियाँ रहती हैं। अभी खोजें