Chapter 22💌

22 7 0
                                    


ජිමින්ගෙ අතේ තිබ්බ necklace එක අතෑරෙනවත් එක්කම ජිමින් ජේන්ගෙ අතින් අල්ලගෙන දිව්වෙ ශොප් එකෙන් එළියට.........

" ජේන්.... මොකක්ද කිව්වෙ මින් යූ එයා කොහෙද............"

ජිමින් පිස්සුවෙන් වගේ කාර් එකේ දොරවල් ඇර ඇර මින් යූව හොයනවා... මේ දිහා බලාගෙන හිටපු ජේන් හොඳටම අඬනවා....

" නංගි කියනවා මින් යූ.......... එයාට මොකක්ද උනෙ කවුද පැහැරගත්තෙ"

ජිමින් ජේන්ගෙ උරහිස් වලින් අල්ලගෙන හෙල්ලුවා... ඒත් ජේන්ගෙ ඇඬිල්ල වැඩි උනා මිසක් කිසිම වචනයක් පිට උනෙ නෑ...

" ජේන් කියනවා....!!! කවුද මින් යූව පැහැරගත්තෙ........"

ජිමින් වියරුවෙන් වගේ කෑ ගහනකොට ජේන් හොඳටම බය උනා...

" ජි...මි..න් මන් ද...න්නැ...වා...හ න..යක්... ඇවි..ත්...."

" වාහනේ කොයි පැත්තටද ගියේ...."

" අර පැත්තට...."

ජිමින් තප්පරයක්වත් පරක්කු වෙන් නැතුව ජේන්වත් වාහනේට නග්ගගෙන drive කරන්න ගත්තා...

" ජේන්... සීට් බෙල්ට් එක දාගන්න.. හරි calm down.. ප්ලීස් ඔය ඇඬිල්ල නවත්තලා මට සම්පූර්ණ විස්තරේ කියන්න ජේන්....."

ජිමින් පුලුවන් තරම් වේගෙන් වාහනේ drive කරන්න ගත්තා.

" මට උන දේ කියන්න ජේන්... ඔය ඇඬිල්ල නවත්ත ගන්නවා......"

ජිමින් ආයෙත් සැරයක් හයියෙන් කෑ ගහනකොට ජේන්ගෙ කටේ ලොක් එක ඇරුනා...

" ඔප් පා මා...යි මින් යූ.යි කා එකට වෙලා හිටි..යෙ.. මාක්ස් බෝ..යි කෙනෙක් ඇවිත් මින් යූව හම්බෙන්න ඇහු..වා මින් යූ එළි..යට ගියා.ට පස්සෙ ඒ.. අය කතා කරපුවා ඇහුනෙ ලාව..ට...මට අහන්න ඕනෙ කමක් ති..බ්බ්බෙත් නැ ම..න් හිතුවෙ ඒ මින් යූගෙ යාලු...වෙක් කියලා... පස්සෙ කෑ ගහන සද්දයක් ඇහුනා මන් බැලුවට පස්..සෙ අර මනුස්සයා මින් යූ..ගෙ මූණට ලේන්සු...වක් ඇල්ලුව. තප්පරයක්වත් ගියෙ නෑ වාහනයක් ඇවි..ත් එයාව දාගෙන ගියා. අනේ.. ඔප්පා .එය්යාව බේරගමු අ..නේ ප්ලිස්ස්........"

ජිමින් : " ආයිශ්....... කොහොමද එහෙම දෙයක්........"

ජිමින් ආයෙත් කෑ ගහන ගමන් තවත් වාහනේ වේගෙ වැඩි කරන්න ගත්තා...

I NEED YOU || JJK || ✔Where stories live. Discover now