Chapter 9💌

25 6 0
                                    


ජන්කූක් එහෙම කියලා තරහෙන් එතනින් ගියා. ජිමින්, ටේ දෙන්නත් එතනින් ගියේ සූහිට කිසිම දෙයක් කියාගන්න බැරුව අසරණ වෙලා බලාගෙන ඉද්දි..

සූහි : " ජන්කූක්... මේ අහන්න................ නම්ජූන්ට මේවා කියන්න එපා ප්ලීස් "

සූහි ඉඳන් හිටපු තැනින් නැගිටලා ජන්කූක් පස්සෙන් දුවගෙන ගිහින් කෑ ගැහුවා...

ජන්කූක් : " ආයිශ්.. ඔයා කොහොම කෙනෙක්ද ? මේ තරම් දේවල් කරලත් නම්ජූන්ට මේ දේවල් කියන්න එපා ? "

සූහි : " මන් මන් මේ දේවල් කරේ හේතුවක් ඇතිව... ප්ලීස්.... ටේ, ජිමින් මාව විශ්වාස කරන්න.. "

ටේ : " තවත් බොරු කරන්න එපා නූනා... ජන්කූක් අපි යමු... මෙයත් එක්ක කතා කරලා වැඩක් නෑ.... "

සූහි : " ඒත්..... අනේ... "

සූහිගෙ වචන ගනන් ගන්නෙ නැතුව ටේ,ජිමින්,ජන්කූක් තුන්දෙනා එතනින් ගියා..

Time passed ⏰

තුන්දෙනා club එකෙන් ආයෙ apartment එකට යන ගමන් කතා කලෙත් සූහි ගැන. නම්ජූන්ව රවට්ටපු එකට ජන්කූක්ට හොඳටම තරහා ගිහින් තිබ්බෙ... ජන්කූක් එයාගෙ ජූන් හියුන්ට ගොඩක් ආදරෙයි. තුන්දෙනාම apartment එකට එනකොට අනිත් අය studio එකේ ඉඳලා ඇවිත් තිබ්බා... මහන්සියට හැමෝම නිදාගෙන හිටියෙ. පොඩි තුනටත් මහන්සි නිසා එයාලත් නිදාගත්තෙ පහුවදාට උන දේවල් කියනවා කියලා හිතලා..

_Next Day_

*At College* 🏫

JUNGKOOK POV :

මම ගාණක් හදාගන්න බැරුව අසරණ වෙලා පෑනත් හප හපා ඉද්දි කවුරුහරි මගේ පිටිපස්සෙන් ඇවිත් මට කතා කරා. කතා කරා නෙමේ කෑ ගැහුවා වගේ 🥲

" Jkkkkkkkkkkk "

මම සද්දෙට පිටිපස්ස හැරිලා බලද්දි එතන හිටියෙ මින් යූ. එයා ඇවිත් මගේ ළඟින් වාඩි උනා. මේ දවස් ටිකට මට එයාව ගොඩක් ළංවෙලා.. මන් දන්නෑ මට එහෙම හිතෙන්නෙ ඇයි කියලා.. හැබැයි අමුතු දෙයක්.. මීට කලින් කාටවත් දැනිලා නැති දෙයක්.. මින්‍ යූව දකිනකොට ඉබේම හිතට සතුටක් දැනෙනවා..

" මින් යූ.... "

මම හිනා වෙලාම එයාට කතා කරා. ඊටපස්සෙ එයත් මට හිනාවකින් සංග්‍රහ කරා. එයාගෙ හිනාව මාව වෙනම ලෝකෙක අතරමං කරනවා වගේ.. ඇස් චූටි කරලා හිනාවෙනකොට වල ගැහෙන රෝස පාට කම්මුල් දෙක...

I NEED YOU || JJK || ✔Where stories live. Discover now