Chapter 13💌

26 6 0
                                    


" Jk........... "

එකපාරම ඇහුන කටහඬෙන් මාව තිගැස්සුණා. හැබැයි මන් මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ කටහඬම තමයි. මම කෙලින්ම ඉස්සරහා බලාගෙනම කම්මුල් දිගේ ගලාගෙන ගිහින් තිබුණු කඳුලු පිහදගත්තා.
" ජ...ජන්කූ..ක් ..... ඔයා අඬනවද.....
Jk ඇයි මේ
ඒයි.... මේහ්.... මාත් එක්ක තරහද
ජන්කූකා... කතා කරනවකො හලෝ
අනේ මට ඔයා ඔහොම ඉන්නවා බලාගෙන ඉන්න බෑ.. කතා කරන්නකෝ ඇයි මේ "

මින් යූ මගේ එහා පැත්තෙන් වාඩි උනා. ඇත්තටම මන් වත් දන්නෙ නෑ ඇයි මන් එයත් එක්ක කතා කරන් නැත්තෙ කියලා...

" Jk ඔයා..... ඔයා ඔහොම ඉන්නවා මන් බලාගෙන ඉන්නෙ කොහොමද ? මන් හිතන එක හරිනම් ඔයා ඔහොම ඉන්නෙ මන් යනවයි කිව්ව නිසාද ? ඉතින් කුක්කො මන් ආයෙත් එනවනෙ හලෝ.. මන් ආයෙ එනකන් පරිස්සමින් ඉන්න හරිද.. ම්ම්.. මට යන්න කලින් ඔයාගෙ බනී හිනාව බලන්න ඕනෙ... කෝ හිනාවෙන්නකු... ඒ මේ... හිනාවෙනවකෝ.. ඔයාට හිනාවෙන්න බෑද Jk... ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ.. මොකක්ද මන් ඔයාට කරපු වැරැද්ද ආහ් ? ඊයෙ මන් තල්ලු කරපු එක රිදුනද.. මියන්හේ Jk.. ඒ වෙලාවෙ මන් ඒක හිතලා නෙමේ කරේ.. මන් හිතුවෙ ඔයා මාව.................

ඒක වැඩක් නෑ... ජන්කූක් මන් යන්න කලින් ඔයාට මට කියන්න කිසිම දෙයක් නැද්ද "

මෙච්චර වෙලා මන් බලාගෙන හිටියෙ කෝච්චියක් වගේ කියවගෙන යන මින් යූගෙ කට දිහා... එයාව දැක්කම ආදරේ හිතෙනවා.. ඔය කච කචේ අහන්නැතුව මන් ඉන්නෙ කොහොමද මින් යූ... ඔයාගෙ මූණ දකින්නැතුව ඔය කටහඬ අහන්නැතුව මට දවසක් වත් ඉන්න බැරි වෙයි..

" මන් ඇහුවෙ ඔයාට මට කියන්න කිසිම දෙයක් නැද්ද කියලයි Jk "

මින් යූ එහෙම අහනකොට මාව තවත් පෑරෙන්න ගත්තා. කියන්න කොච්චර දේවල් තියනවද මින් යූ...

POV END.

මින් යූ : " ඔයාට කියන්න කිසිම දෙයක් නැත්තන්......... මන් යන්නම් ජන්කුක්... මන් ඔයාලව බලන්න කොච්චර අමාරුවෙන්ද අද ආවෙ කියලා දන්නවද ? එච්චර කට්ටක් කාලා ඇවිල්ලත් ඔයා වචනයක්වත් මාත් එක්ක කතා කරන්නෙ නෑ "

මින් යූ නැගිටලා එතනින් යන්න හදනකොටම ජන්කූක් මින් යූගෙ අතින් ඇදලා ජන්කූක් ළඟට අරගෙන ජන්කූක්ගෙ එහා පැත්තෙන් වාඩි කරවගත්තා.

I NEED YOU || JJK || ✔Where stories live. Discover now