Chapter 16💌

24 8 0
                                    


" චෙ චෙසූ නවතින්න... මම ටේ...."

දුවන චෙසූගෙ පස්සෙන් දුවගෙන එන ගමන් ටේ එහෙම කිව්වට චෙසූ කරේ අඬන ගමන් දිව්ව එක. ඉක්මනට රූම් එකට ගියපු චෙසූ දොර වහන්න හදනකොටම ශක්තිමත් අතක් දොරේ හැන්ඩ්ල් එකෙන් අල්ලලා දොර සම්පූර්ණයෙන්ම ඇරලා දැම්මා.

චෙසූ දොර ඉස්සරහම හිටගෙන හිටියා. චෙසූගෙ ඇස් හොඳටම රතුවෙලා ඒකෙන් තේරුනා චෙසූ හොඳටම අඬලා කියලා. කම්මුල් රතු වෙලා තෙමිලා තිබ්බා. ටේහයුන් දැකලා සතුටු වෙනවා වෙනුවට චෙසූ මෙහෙම අඬන්නෙ ඇයි කියලා ටේට ලොකු ප්‍රශ්නයක් උනා.

ටේහයුන් : " චෙසූ... ඔ ඔයා අඬන්නෙ ඇයි මැණික... මම ටේ... ඔයාගේ ටේහයුන්... මේ බලන්න.... මම ටේහයුන්... ඇයි මැණික මේ අඬන්නේ ?"

ටේහයුන් දොර වහන ගමන් මාක්ස් එකයි කැප් එකයි ගලවලා චෙසූ ළඟට ළං වෙන්න ගත්තා. ඒත් චෙසූ කරේ ඈතට ගියපු එක...

චෙසූ : " ඔ ඔයා මො...නාද මේ කි....යන්නෙ මන් තමුසෙ...ගෙ චෙසු....වෙක් නෙමේ... ලැජ්..ජා නැද්ද කෙල්...ලෙක්ගෙ කාමරේට එන්න..."

චෙසූ ගොත ගහ ගහ එහෙම කිව්වට ටේහයුන් කොහොමටවත් ඒ වචන විශ්වාස කරේ නෑ.

ටේහයුන් : " චෙසූ... මන් දන්නවා ඔයා මගේ සූ.. ඇයි මෙහෙම මාව මග අරින්නෙ.."

චෙසූ : " මන් කිව්වනෙ මන් ඔය කවුරුත් නෙමේ.. ප්ලීස් මෙතනින් යනවා"

ටේහයුන් : " ඔයා මොනා කිව්වත් මට විශ්වාසයි ඔයා මගේ චෙසූමයි කියලා"

ටේහයුන් එහෙම කියන ගමන් චෙසූ ළඟට ළං වෙන්න ගත්තා.

චෙසූ : " මොනාද තමුසෙ කරන්න යන්නෙ 😳"

ටේහයුන් චෙසූගෙ අතකින් අල්ලගෙන තමන්ගෙ අනිත් අතෙන් චෙසූගෙ බෙල්ලට වැටිලා තිබ්බ කොණ්ඩෙ අයින් කරා. ඒත් එක්කම ටේහයුන්ගෙ මූණේ හිනාවක් ඇඳුනා. ක්ෂණිකවම චෙසූගේ තොල් වලින් හාදුවක් තිබ්බ ටේව චෙසූ තල්ලු කරලා දැම්මා.

චෙසූ : " තමුසෙ මොකක්ද ඒ කරේ ආහ්... රූම් එකකට එකපාරම ඇවිල්ලා කෙල්ලෙක්ව කිස් කරන්න තමුසෙට තියන අයිතිය මොක..................."

ටේහයුන් : " මට තියන අයිතිය................ මොනාද චෙසූ මේ කියන්නෙ .. මොකක්ද වෙලා තියෙන්නෙ ? මන් තාමත් ඔයාගේ ටේහයුන් චෙසූ..."

I NEED YOU || JJK || ✔Where stories live. Discover now