Chapter 21💌

27 7 0
                                    

2 DAYS LATER
AT BANGTAN HOUSE

" Hellow... sweetie.. කියන්න මැණික......"

ජේන් බලාගෙන හිටියෙ තමන්ගෙ ඉස්සරහින් වාඩි වෙලා හිටපු ජින්ගෙ 4න් එක රින්ග් වෙනවා... වෝල් එකට වැටිලා තිබ්බ නම දැකලා ජින්ගෙ මූණෙ හිනාවක් ඇඳෙනවත් එක්කම ජින් කෝල් එක ආන්ස කරලා එහෙම කියාගෙන පැත්තකට ගියා...

මින් යූ : " ජින් ඔප්පට ගර්ල් කෙනෙක් ඉන්නවද ඔප්පා..........."

මින් යූ මාරුවෙන් මාරුවට ජේන්ගෙ මූණ දිහයි බැල්කනියෙ ඉඳන් හිනා වෙවී කෝල් එක්ක ඉන්න ජින් දිහයි බලාගෙන ඉඳලා බැරිම තැන එතන හිටපු අනිත් අයගෙන් ඇහුවා...

ඔව් මින් යූ දැනන් හිටියා ජෙන්සි ජින් ගැන හිතනවයි කියලා... කොරියාවට එන්න කලින් ඉඳලම ජෙන්සි BTS FAN කෙනෙක් වගේම ජේන්ගෙ BIAS ජින් කියලා මින් යූ දැනන් හිටියා..

ජිමින් : " යාහ්... දන්නවද ජින් හියුන්ගෙ ගර්ල් පට්ටම ලස්සනයි......"

ටේ : " ඔව් ඉතින් මූ මෙහම හිටියට හෙන පැනියනෙ... ජින් හියුන්ගෙ කෙල්ලට ලයින් දාන්න ගිහින් නම් අහුවෙන්න එපා කොටෝ. අපිට තමා කන්න නැති වෙන්නෙ..."

ජිමින් : " අනේ නිකන් පලෑම් වල් කොටියො..."

නම්ජූන් : " ඒක නෙමේ කුකී... උඹේ france යන වැඩේ මොකද"

ජන්කූක් : " හියුන්... ලබන සතියෙ යන්න තිබ්බට සඳුදා වෙනකොට යන්න වෙනවා කියලා මැනේජ කිව්වා..."

චෙසූ : " ජන්කූකා ඔයාගෙ ඇල්බම් එක රිලීස් වෙන්නෙ කවද්ද හලු..."

ජන්කූක් : " france ගිහින් ආවට පස්සෙ ඒක රිලීස් කරනවා චෙසූ..."

හොබී : " අපිට පාටි ඕනෙ කොල්ලො"

ජන්කූක් : " ඒ මොකටද උබලට පාටි...."

ටේ : " මේකයි මචන්... එහෙම බෑ බන්... උබ මේකට නම් පාටියක් දෙන්නම ඕනෙ නැද්ද.. කාලෙකින් සෙට් වෙන්නත් බැරි උනානෙ... සෝජු පාටියක් දැම්මොත්............."

ටේට සම්පූර්ණයෙන්ම අමතක උනා චෙසූ ඉන්නවා කියලා... ඒක මතක් උන ගමන් කොල්ලා අත් දෙකින්ම කට වහගත්තා.

චෙසූ : " යාහ් ටේ... මොකක්ද කිව්වෙ සෝජු"

ටේ : " අනේ මැනික... මන් මේ කිව්වෙ..... මේ මියන්හෙ හරිද ... ගොඩ කාලෙකින් සෙට් වෙන්නත් බැරි උනා කියලනෙ.... උබලා හිනාවෙන්න එපා යකෝ... මන් චෙසූට ප්‍රොමිස් උනා මන් බොන්නෑ කියලා... මන් කිව්වෙ ගොඩක් බොන්නැ කියලා පොරොන්දු උනේ..."

I NEED YOU || JJK || ✔Where stories live. Discover now