Chapter 19💌

30 8 0
                                    


" මිනූ...... වාහනයක්......."

ජන්කූක්ගෙ සද්දෙට මින් යූ හැරිලා බැලුවම දැක්කේ මින් යූ ඉන්නෙ පාර මැද කියලා... එකපාරම ඇස් වලට අමාරු ලයිට් එළියක් විහිදෙද්දි මින් යූ අත් දෙකෙන්ම ඇස් දෙක වහගත්තා. ඒත් එක්කම මින් යූට දැනුනේ තමන්ව පිටිපස්සට ඇදිලා ගියා වගේ...

වාහනේ නවත්තන සද්දෙත් එක්ක මින් යූ ඇස් වහන් හිටපු අත් දෙක අයින් කරහම දැක්කේ තමන්ගෙ ඉස්සරහා වතුර බේරි බේරි යකා නැගලා හිටපු ජන්කූක්ව... ජන්කූක් කොච්චර කලබල වෙලාද කිව්වොත් කොල්ලගෙ කැප් එකයි මාක්ස් එකයි කොහෙදවත් නෑ...

" ආයිශ්... පේන්නැද්ද පාරේ වාහන යනවා කියලා මින් යූ.. පිස්සු හැදිලද ආහ්... පාරට දුවන්නෙ.. මන් හිටියෙ නැත්තන් තමුසෙ හැප්පෙනවා..."

ජන්කූක් කියාගෙන කියාගෙන යද්දි මින් යූ බිම බලාගත්තේ ජන්කූක්ගෙ වචන ගොඩක් සැර නිසා... මීට කලින් කවදාවත් ජන්කූක් තමන්ට මෙහෙම කතා කරලා නැති නිසා මින් යූට ඇඬුනා..

" මියානේ ජන්කූක්....."

පහත් හඬකින් මින් යූ මුමුණද්දි ජන්කූක් කෙල්ලව තුරුල් කරගත්තේ මින් යූ ගෙ වෙවුලුනු කටහඬෙන් කෙල්ල අඬනවා කියලා තේරුම් ගත්ත නිසා...

" මොනාද මැනික මේ කරන්නෙ ආහ්...ඔයාට මොනා හරි උනොත් මන් ජීවත් වෙන්නෙ කොහොමද... මෙහෙම පිස්සු වැඩ කරන්න කලින් හිතන්න... තේරෙන්නැද්ද පාරේ වාහන එනවා කියලා.. මට තරහා ගියා සොරි.."

" අහ්... මේ පාරේ ලව් කරන්නැතුව අයින් වෙනවද ... මට දැන් වත් යන්න...."

මින් යූ හැප්පෙන්න ගිය වාහනේ පැත්තෙන් එහෙම හඬක් එනකොට දෙන්නම බැලුවේ ඒ දිහා...

ජන්කූක් : " තමුසෙගෙ වාහනේට කෙල්ලෙක් හැප්පෙන්න ගියා ඇයි ඇවිල්ලා සමාව ගන්න දන්නැද්ද මිනිහෝ"

ජන්කූක් වාහනේ හිටපු මිනිහට බනින්න ගත්තෙ මාක්ස් ඔක්කොම අමතක වෙලා....

? " ඒකෙ වරද තමුසෙගෙ කෙල්ලගෙනෙ... මෙතන පාරට පනින්නෙ "

" මොකක් ? ජන්කූක් "

වාහනේ drive කරපු කෙනා එහෙම කිව්වත් ජන්කූක්ට ඒක ඇහුනෙ නෑ... ජන්කූක් මිනිහට රවලා මින් යූව ඇදගෙන පාරෙන් එහාට උනා...

I NEED YOU || JJK || ✔Where stories live. Discover now