Chapter 11💌

29 6 0
                                    


නොදැනිම මාස තුනක් ගෙවිලා ගියා. ඒ වෙනකොට ජන්කූක්ලා ලියපු exam එකේ results ඇවිල්ලා තිබ්බා මින් යූ, චෙසූ, ජන්කූක් , ජිමින්, ටේ පස් දෙනාම Pass වෙලා තිබ්බා. Seoul International highschool එකේ 2nd year students ලා college එකෙන් out උනා. මින් යූ, චෙසූ දෙන්නා university යන්න හිතුවත් කොල්ලො තුන් දෙනා තීරණය කරේ යුනිවසිටි නොයා ඉන්න.. ඒ බෑන්ඩ් එකේ ඉදිරි වැඩ කටයුතු නිසා.. කොහොම උනත් කාලයත් එක්ක ජන්කූක්, මින් යූ දෙන්නා තව තවත් හිතින් ළං උනා. දෙන්නට දෙන්නා ගැන හැඟීමක් දැනුනත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒක වචන වලින් කිව්වෙ නෑ.. චෙසූ , ටේ දෙන්නා ආදරෙන් හිටියා වගේම bangtan ලට ටික ටික fanbase එකක් හැදීගෙන ආවා ඒත් සීමිත පිරිසක් විතරයි...

JUNGKOOK POV :

Club එකේ වැඩ ඉවරවෙලා මම apartment එකට ඇවිදන් යන ගමන් හිටියෙ.. අද ජිමින් ටත් ටිකක් අසනීපයි කිව්ව නිසත්, ටේටත් ක්ලබ් එකට එන්න බෑ කිව්ව නිසත් මම තනියම ක්ලබ් එකට ආවා. ඒ දෙන්නා නැති නිසා මට අද වැඩ ගොඩක් වැඩි වෙලා තිබ්බෙ... මම ක්ලබ් එලියට බහිනකොටත් රෑ දොළහට ළඟයි.. මම කිසිම හැඟීමක් නැතුව ඔහේ ඉස්සරහට ඇවිදගෙන ගියා. අද මොකක්දෝ පාලුවක් දැනෙනවා.. සමහර විට අ‍ර දෙන්නා නැති නිසා වෙන්නැති... පාරත් හරිම නිශ්චලයි කොහොමත් දැන් රෑ දොළහා පහුවෙලා ඇති ඒක‍යි පාරෙ වාහනත් නැත්තෙ වැඩිය...

මම ඉස්සරහටම ඇවිදගෙන ගියා.. අද ලස්සනට හඳ පායලා.. හන් ගඟට හඳ එළිය වැටිලා ගඟේ වතුර ලස්සනට දිලිසෙනවා.. මම එතනම නැවතිලා ටික වෙලාවක් ඒ ලස්සන දිහා බලාගෙන හිටියා..

එකපාරටම කලු පාට කාර් එකක් ඇවිල්ලා මන් ළඟින් නැවැත්තුවා. මගේ මෙච්චර වෙලා හන් ගඟ දිහාට යොමු වෙලා තිබ්බ අවධානය ඊටපස්සෙ යොමු උනේ ඒ කාර් එක දිහාට...

'මේ වෙලාවෙ කවුද මාව හම්බවෙන්න එන්නෙ ?' මම එහෙම හිතනවත් එක්කම කාර් එකෙන් බැස්සේ මට වඩා වැඩිමල් කියලා හිතන්න පුලුවන් පිරිමි කෙනෙක්... මම..... මම කොහින් හරි දැකලා තියනවා එයාව... ඔව් මන් දැකලා තියනවා ඒත් කොහෙද ?

මම ප්‍රශ්නාර්ථයක් හිතේ තියාගෙන එයා දිහා බලනකොට ඒ පිරිමි කෙනා ඇවිත් මගේ ඉස්සරහා හිටගත්තා. ඊටපස්සෙ එයා මන් බලන් හිටපු හන් ගඟ දිහා සෘජුවම බලන් හිටියෙ සාක්කුවට අත් දෙකත් දාගෙන... හැබැයි මට දැනගන්න ඕනෙ උනේ ඒ කවුද කියන එක...මම කතාකරන්න කලින් එයා කතා කරා.

I NEED YOU || JJK || ✔Where stories live. Discover now