Chapter 14💌

27 7 0
                                    


ආදරේ කියන්නෙ මහ පුදුමාකාර හැඟීමක්...
සතුට,දුක දෙකම ගැබ් උන ආදරණීය හැඟීමක්...
උස,මිටි,සුදු,කළු,දුප්පත්,පෝසත් භේදයකින් තොරව හැමෝටම දැනෙන හැඟීමක්...
හැම ආදර කතාවකම අවසානය සතුටුදායකයිද ?...
දුකකින් නැවතුනු ආදර කතාත් ලෝකෙ කොතෙක්වත් ඇති...
තමන් හදවතින්ම ආදරේ කරන කෙනාව
හිමිනොවුනත්...
එයාගෙ සතුට දැකලා හිනාවෙලා ඉන්න මිනිස්සුත්,
ලෝකේ කොතෙක්වත් ඇති...

༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻

" ඒ මේ උඹේ හැඩ වෙන්න ඔච්චර දෙයක් නෑ... ඉක්මනට ලෑස්ති වෙයන් "

" පොඩ්ඩක් හිටපන්කො යකෝ මේ සපත්තුව දාගන්නකම් "

" ගෑනියේ සපත්තුව නෙමේ බොලගෙ පාස්පෝට් එක දාගත්තද බලහන්.. නැත්තන් තොට තියන හදිස්සියට ඒක දාලා යයි.."

" හුටා... සිරාවටම අමතක උනා කියහන්කෝ.. ඒ මේ මින් යූ සප්තලනේ ඔය..........."

" යාහ්... තොට ඕන්නම් ගනින් ඇවිල්ලා බටර් ගාන්නැතුව... පේන්නැද්ද මන් කොණ්ඩෙ පීරනවා කියලා "

" තොපි දෙන්නා එන්නැද්ද ... හ්‍යුන්ග් සක් ඔප්පා එයි දැන් "

" ඔප්පා මට කෝල් එකක් දුන්නා බන්... තව පැය බාගෙකින් නෙ පහළට එන්න කිව්වෙ.. උබට මොකක්ද ඔච්චර හදිස්සිය "

" මගේ ටේ ඔප්පා බලාගෙන ඇති ........"

MIN YU POV :

" මගේ ටේ ඔප්පා බලාගෙන ඇති ........"

එකපාරටම චෙසූගෙ වචන වලට මාව අවුරුදු ගානක් ආයෙමත් පස්සට ගියා. එකපාරටම දෙයක් මතක් උන නිසා මම ලොකර් එක ඇරලා ගත්තෙ,

මට අන්තිම වතාවට ජන්කූක් හම්බුන දවසෙ දුන්නු *ඒ necklace* එක...

ඒකත් බෙල්ලට දාගෙන මම කණ්ණාඩිය ඉස්සරහින් මෙහාට ආවා. එකපාරම මගේ phone එක රින්ග් වෙන්න ගත්තා.

📲" හෙලෝ ඔප්පා "

📲" නංගී.......... මන් කලින් කිව්වා පහළට ඇවිත් ඉන්න කියලා.. ඉක්මනට එනවා ඔහේගෙ යාලුවො දෙන්නත් එක්ක.. නැත්තන් ෆ්ලයිට් එක මිස් වෙයි "

📲" අහ් ඔයා ආවද ඔප්පා... සොරි.. මේ එනවා "

මන් කෝල් එක කට් කරලා අරුන් දෙන්නට කතා කරා.

I NEED YOU || JJK || ✔Where stories live. Discover now