Chapter 27💌

43 8 0
                                    


" ආහ්... ඔලුව..........."

දරාගන්න අමාරු හිසරදයක් දැනුනු නිසා ඔලුවත් අල්ලගෙන ජන්කූක් ඇඳේ ඉඳගත්තා.

".... ඔයා.... නැගිට්..ටද ?"

මින් යූ එහෙම අහන ගමන් ඇඳෙන් ඉඳගත්තා.

" ඔයාගෙ ඔලුව රිදෙනවද ජන්කූ...."

ජන්කූක් කිසිම දෙයක් නොකියා මින් යූ දිහා බලන් හිටියා... කියාගන්න බැරි වේදනාවක් වගේම කවදාවත් නැති තරහක් ඒ ඇස් වල තිබ්බා...

වෙනදා තමන් දිහා බලන ඒ ආදරණීය ඇස් අද තරහින් , දුකින් පිරිලා... මින් යූ කොහොම දරාගන්නද ?

කෙල්ලට හයියෙන්ම ඇඬුනේ ජන්කූක් ඉන්න විදිහ දැකලා...

" මිය...න්හේ ජන්... කූ... මි...යන්...හේ..... මිය..න්හේ..... ම...ම...... මන් ද ..න්නවා... මාව... විශ්..විශ්වාස කරන්..න බෑ ..කියල... ඒ..ත්...ම..න් කිය..න එ..ක අහ..න්න.. මියන්..හේ ජන්..කූ... මන්... ඔය්...යාට... ආද...රෙයි...."

මින් යූ ඉකි ගගහා අඬනවා හොඳටම... ජන්කූක් ඉස්සරහා ඒ හිත ගොඩක් කීරි ගැහිලා.... ජන්කූක් මේක බලාගෙන ඉන්න බැරිම තැන මින් යූව hug කරලා මින් යූගේ තෙත කම්මුල් වල තමන්ගෙ තොල් තද කරේ කෙල්ලව සනසවන්න හිතාගෙන...

" අඬන්...න එපා මි..නූ.... මට ඔයා...ව විශ්වාසයි මැනික... "

" ම...න් ඔය්..යා..ට බොරු...ක..රේ... නෑ... කූ......ඇත්..ත...ම... මන්..... ආ...දරෙ..යි..."

" මන් දන්නවා මිනූ... මන් දන්නවා.... මොකක්ද මිනූ උනේ.... ඇයි ජිමින්... ඇයි ? එයා ඔයාට ආදරෙයිලු ප්‍රින්සස්... ඇයි එයා එහෙම කියන්නෙ... මට කියන්න මිනූ... හැමදේම මට දැනගන්න ඕනි..."

ජන්කූක් මින් යූගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන කෙල්ලව තමන්ගෙ පැත්තට හරවගෙන මින් යූගෙ කඳුලු පිහදැම්මෙ හැමදේම කියන්න මින් යූ හිත හදාගද්දි...

ජන්කූක් ගියාට පස්සෙ උන හැම දේම මින් යූ ජන්කූක්ට කිව්වා...

" මන් ඔයාට බොරුවක් කරේ නෑ ජන්කූ... ඔයාට මාව විශ්වාසයි නේද ? මියන්හේ ජන්කූ..........."

ජන්කූක් කිසිම දෙයක් නොකියා ඇස් දෙක පියාගෙන මින් යූ කියපු දේවල් අහන් හිටියා.

I NEED YOU || JJK || ✔Where stories live. Discover now