Chapter 15💌

23 8 0
                                    

දරාගන්න අමාරු තරම් වේදනාවක් දැනෙද්දි මගේ ඇස් වලින් වැටුනු කඳුලු කම්මුල් දිගේ ගලාගෙන යනවා මට දැනුනා. මට ඉබේම ඉකි ගැහුනා. මම පපුවත් අල්ලගෙන එතනම බිම වාඩි උනේ තවත් හිටගෙන ඉන්න තරම් හයියක් තිබ්බෙ නැති නිසා.

Pov End.

චෙසූ එතන බිම ඉඳගෙනම අඬන්න ගත්තා. එතනින් එහාට මෙහාට ගිය මිනිස්සු චෙසූ දිහා අමුතු විදිහට බලන් ගියත් චෙසූට ඒවා ගැන ගානක් තිබ්බෙ නෑ.

හෙමින් බිමට පාත් වෙන සකුරා ගහේ මල් පෙති වගේ කඳුලු බින්දු චෙසූගෙ කොපුල් සිපගත්තා. තමන්ගෙ ජීවිතේටත් වඩා ආදරේ කරන කෙනාට තමන්ව අමතකයි කියලා කොහොම හිතන්නද ? එහෙම හිතෙන වාරයක් වාරයක් පාසාම චෙසූගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනුනා. දෛවය විසින්ම ඔවුන්ව එකතු කළා. ඒ දෛවය විසින්ම ඔවුනව වෙන් කළා.

පිස්සියක් වගේ බිම ඉඳගෙන අඬන චෙසූ ළඟට දුවගෙන ආවේ මින් යූ, ජෙන්සි දෙන්නා.

" චෙසූ ඔයා කොහෙද ගියේ.. අපි ඔයාව කොච්චර හෙව්වද ? "

අයිස්ක්‍රීම් එකක් අතේ තියාගෙන මින් යූ එහෙම ඇහුවේ චෙසූ අඬන බව නොදැන...

ජේන් : " චෙසූ... ඔ ඔයා අඬනව...ද "

චෙසූගෙ ඉස්සරහට ගිහින් ජෙන්සි එහෙම අහනකොට චෙසූගෙ කඳුලු තව තවත් අලුත් උනා මිසක් නැවතුනේ නෑ.

මින් යූ : " චෙසූ මොකද උනේ.. කෙල්ලෙ ඇයි මේ අඬන්නෙ.."

ජේන් : " අනේ මැණිකේ මොකද මේ... ඉස්සල්ලා ඔතනින් නැගිටින්නකො.. අපි ගෙදර යමු.. ඊටපස්සෙ මොකක්ද උනේ කියලා කියන්නකො "

ජෙන්සි එහෙම කියන ගමන් අතේ තිබ්බ කෝන් දෙක dustbin එකකට දාලා චෙසූගෙ කඳුලු පිහදැම්මා. චෙසූව නැගිට්ටවලා මින් යූ, ජෙන්සි දෙන්නා taxi එකක අපාට්මන්ට් එකට ගියා. අපාට්මන්ට් එකට යනකන්ම චෙසූ ඔහේ පාර දිහා බලාගෙන ගියේ කිසිම වචනයක් වත් කතා නොකර.

මින් යූ : " චෙසූ.. මේ බලන්න. මොකද උනේ කියලා කියන්න.."

මින් යූ චෙසූගෙ ඔලුව අත ගාලා එහෙම අහනකොට චෙසූ මින් යූව බදාගත්තේ පොඩි දරුවෙක් වගේ. හැම වෙලාවකම තමන්ව තනි නොකර තමන්ගෙ ළඟින් ඉන්න මින් යූ, ජෙන්සි දෙන්නත් එක්ක චෙසූගෙ වේදනාව බෙදාගන්න චෙසූට ඕනෙ උනා. මින් යූගෙ තුරුලෙන් ඈත් උනු චෙසූ, හුස්මක් අරගෙන කතාව කියන්න පටන් ගත්තා.

I NEED YOU || JJK || ✔Where stories live. Discover now