Chapter 01

109 8 3
                                    

ට්‍රීං ට්‍රීං ට්‍රීං ...

ෆෝන් එක රින්ග් වෙන සද්දෙට ඉබේම ඇහැරුණු කෙල්ල ඒත් එක්කම ඇදෙන් නැගිටලා කෝල් එක answer කරේ ටිකක් බයෙන් වගේ ...

🧔: සොංයී කීයටද එන්න හිතන් ඉන්නේ ආ.. හොදටම දන්නවා නේද මේ දවස්වල ගොඩක් වැඩ කියලා

🕊️: සොරි සර් මන් ඉක්.....

කෙල්ල මොකුත් කියන්න කලින් එහාපැත්තෙන් කෝල් එක කට් උනා... කෙල්ල එහෙම්මම වොශ් රූම් එකට දිව්වේ තවත් පරක්කු වෙන්න කිසිම උවමනාවක් නැති හින්දා. කෙල්ල ඉක්මනට ලෑස්ති වෙලා එලියට එද්දිත් එයාගේ driver ඇවිල්ලා

🕊️: අජුස්සී ඔයා ආවද... මියානේ මන් පරක්කු උනා...

👤: ඒකට කමක් නෑ මිස්... එන්න යන්

🕊️: අයියෝ අජුස්සී කීපාරක් කිව්වද මිස් කියන්න එපා කියලා මට... ඔයාම නේද කිවේ ඔයාගේ දුවත් මගෙ වයස කියලා..

👤: ඒත්

🕊️: අජුස්සී

👤: හරි දරුවෝ ... එන්නකෝ යන්න නැත්තන් අදත් බැනුම් අහගන්න වෙයි ඔයාට

🕊️: හරි අජුස්සී

සොංයී කියන්නේ kpop industry එක ඇතුලේ හොද නමක් තියන් ඉන්න කෙල්ලෙක්.. solo artist කෙනෙක් විදිහට වැඩ කරන්න අරන් දැනට අවුරුදු ගානක් වෙනවා.. හැබැයි කවදාවත් කෙල්ලට ඕන ජීවිතේ එයාට ලැබුන් නෑ.. කෙල්ල අනාතයෙක්.. හරි වයස ආවම අනාත නිවාසෙන් යන්න උනාට පස්සේ අහම්බෙන් හම්බුන චාන්ස් එකකින් kpop industry එකට එන්න හම්බුනේ කෙල්ලට..

සොංයී ඉක්මනට company එක ඇතුලට දුවලා ගියේ තව පරක්කු වෙන්න කලින්. කලින් දවසෙ ගොඩක් රෑ වෙකනක් ප්‍රැක්ටිස් කරපු නිසා කෙල්ලට මහන්සියටම නින්ද ගියා උදේ..

👨: ඔන්න ... ලබන සතියේ කොන්සට් එක.. ප්‍රැක්ටිස් එන වෙලාව..

🕊️: සොරි සර්

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now