හැබැයි ඒදණ්ඩෙ යන්න මට පුළුවන්

3.3K 231 62
                                    

"Congratulations Sheron! wish you all the best and you already have that power පොඩි එකෝ.."


මම ඉතින් පුරුදු ලොකු සීන් එකෙන් හිනා වෙන ගමන් සදිව් අයියට අතට අත දුන්නා. ඊට පස්සෙ ඉතින් දිගට හරහට "president's secrets" කියලා දෙන්න ගත්තා. සදිව් අයියා දැන් ඉඳන් former media president. අද තිබුනු media day එකෙන් පස්සෙ සදිව් අයියලාගෙ ධූර කාලය අවසන් උනා. එයාලා මේ අවුරුද්දෙ exam එකත් කරන්න ඕනෙනෙ. සාමාන්‍යයෙන් අපෙ ස්කෝලෙ clubs සහ societies වල top bords පත් කරන්නෙ දොළහ වසරෙන් හැබැයි ශිෂ්‍ය නායකයෝ හැර.

පොඩි කාලෙ ඉඳන් තිබ්බ තවත් ආසාවක් මෙහෙම ඉශ්ට වෙද්දි මම බ්ලේසරේ තිබුන බැජ් එක දිහා බැලුවා. School Games Captain, Interact President, Gavel Club President දැන් Media President බැජ් එකත් දිලිසි දිලිසි ඉන්නවා. පාසල් ජීවිතයේ මම නැග්ග හැම පඩියක් ගානෙම තිබ්බෙ මගේම මහන්සිය. මම වැටුනා ගොඩක් සැරයක්. ඒත් මම මගේම කියලා නැහීගෙන ආදරේ කරපු හීන ගොඩකට පණ දෙන්න අන්තිමේදි මට පුළුවන් උනා.

"ශෙරෝන් විද්වාන් ශාරන්‍ය...!"

මොකාද යකෝ මගෙ නමම කියලා කතා කරන්නෙ. සදිව් අයියගෙ දේශනාවට මගෙ අලි ඔලුවෙන්ම ඔලුව වන වන අහන් ඉන්න අතරේ පිටිපස්සෙන් ඇහුන සද්දෙට මම කැරකිලා බැලුවා. හෙහේ.. තිසල් සර්. මනුස්සයට ලොකු වයසක් නෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ නයිමිරිස් පරාදයි. සුවර් එකටම ගෙදරදි සිදුවන අඩත්තේට්ටම් ස්කෝලෙ ඇවිත් අපෙන් පිරිමහගන්නවා මං නං කියන්නෙ. හැබැයි ඉතින් සර්ට අපි හෙන ලෞ. මොකද ක්ලබ් එකේ වැඩවලදි කාටත් වඩා සර්ගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි අපෙ ස්කෝලෙ මීඩියා ක්ලබ් එක මෙච්චර තැනක තියෙන්නෙ.

"..ඔය චීෆ් ගෙස්ට් ඉඳගත්ත පුටුව අස්සෙ කවුද ඕයි බීම බට ගහලා තියෙන්නෙ. ඔය ළමයා.. ඔව් මම තමා. මේ මඟුල අස් කරනවා මෙතනින්. ප්‍රින්සිපල් සර් තව ටිකකින් හෝල් එකට ආවාම තියෙයි උඹලට. මොකද්ද කිය කිය හිටියෙ.. ආ.. විද්වාන්, යන්න කලින් සදෙව් දෙන්නම ඇවිත් මාව හම්බෙලා යන්න."

එච්චරයි!

ආපු පයින්ම පොර හෝල් එකෙන් ගියා. ඩේ එක ඉවර වෙලා අපි හෝල් එක අස් කර කර හිටියේ. ඔය කිව්වට ප්‍රින්සි දැන් ගෙදර ගිහිනුත් ඇති. මොකද තිසල් සර්ට තරම් ප්‍රින්සිට කහන්නෙ නෑ අට වෙලත් ස්කෝලෙ ඉන්න. මං සර් ගිය දිහාවටත් කාටවත් පෙන්නැති වෙන්න විරිත්තන්න යද්දි සදිව් අයියා මගෙ ඔලුවට ටොක්කක් ඇන්නා.

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now