අමුත්තෙක්

825 114 30
                                    

"හේයි බොක්ක..."

"අඩෝ උඹ මහත් වෙලා බං.."

"අමාරුද උඹට කන්න අරන් දීලා. අනේ පලයන් රශ්මිනයා යන්න.."

"දැක්කද උඹලා හනන්ගෙ අලුත් කෑල්ල.. ආවුස් ආවුස් කොල්ලා."

"ඉන්න දෙනවා ඒ ළමයට. බලනවකො කියද්දිත් පෙම් පාට මූණේ."

"ශෙරොනයා. මගේ ප්‍රේම පරාණේ.. උම්මා කොටේ.."

"පලයන් යන්න බල්ලො එහාට කෙල නාවන්නෙ නැතුව. උඹට දැන් තමා මාව මතක් වුනේ."

"එහෙම දෙයක් නෙවෙයි මගෙ සුදු මහත්තයෝ.."

"ඒයි වරෙන් යන්න අර පැත්තට.. පොඩි ඩ්‍රින්ක් එකක් ගමු."


ග්ලාස්වලට දාලා තිබුනු වැඩිය සැර නැති ඩ්‍රින්ක්ස් වගයක් අපි පස් දෙනා තොල ගාමින් හිටියා. පාටිය පටන් අරගෙනත් ටිකක් වෙලා ගිහින් තිබුනේ. අයියගෙන් එක මැසේජ් එකක්වත් තිබුනේ නෑ එදායින් පස්සේ. මම කෝල් ගන්න ගියෙත් නෑ. කොහොම හරි අයියා පාටියට ඇවිත් තිබුනෙත් නෑ!!

හැමෝම කාත් එක්ක හරි කතා කර කර හිටියේ. කට්ටියක් ඩාන්ස් කරනවා. තවත් කට්ටියක් වට මේස සාකච්ඡා. කෙල්ලො එහෙම හෝ ගාලා කෝප්ප හෝදනවා. කෙල්ලො නං තනිකරම ෆැශන් ශෝ එකකට ඇවිත් වගේ. සමහර වුන්ගේ ඇඟේ තිබ්බේ ඇඳුම් කෑලි වලිනුත් බාගයයි වගේ. ආපු වෙලේ ඉඳලා කෙල්ලො එක්ක ෆොටෝ වලට ඉඳලා තිත්ත වෙලා හිටියේ. මොනවා කරන්නද ඉතින්. අයිම් වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් යූ නෝ.. ඉතින් ඕවා සාමාන්‍යයි. අන්තිමේදි අපි පස්දෙනා ඩිනර් එකෙන් පස්සේ හෝල් එකෙන් එළියට ඇවිත් එතන ලොකු බැල්කනියට වෙලා පච හල හල හිටියා. ඒ වෙලෙත් බැල්කනියේ තවත් තැන් තැන්වල ළමයි හිටියත් අපිට ඒකට බාධාවක් වුනේ නෑ. ආපු වෙලේ ඉඳලා අයියා පාටියට ආවෙ නැති එක හිතට වද දුන්නත් ඒ ටික වෙලාවයි. රශ්මිකගේ විකාරවලට හිනා වෙවී ඉද්දි හැමදේම ටිකකට අමතක වුනා.

"ඔයාලා යන්න. මං ටිකක් ඉඳලා එන්නම්.."

ආයෙම මම අයියට කතා කරපු විදිහ මතක් වෙලා මට මං ගැනම තරහක් ආවා. ඉතින් ටිකකට මට ඕනෙ වුනේ තනි වෙන්න. බැල්කනියෙ ඉන්න ළමයි ටිකෙන් ටික හෝල් එක ඇතුලට ගියා. ඇතුලේ ගේම්ස් අයිටම්ස් පටන් ගෙන. මට නං කලින් තිබ්බ උනන්දුව ටිකක්වත් දැන් නෑ වගේ නිසා කෑන් එකත් අතේ තියාගෙන වැටට අත් දෙක තියාගෙන ඔහේ අඳුර දිහා බලන් හිටියා. හොටෙල් එක පහලින් ගලාගෙන යන ලොකු වතුර පහරට හඳ එළිය වැටිලා හරි ලස්සනට දිලිසෙනවා. මට ආයෙම අයියව මතක් වුනා. කෝල් එකක් ගන්න ෆෝන් එක අතට ගත්තත් ආයෙම පොකට් එකට දාගත්තේ එයා ආන්සර් කරන්නෙ නැති වෙයි කියලා හිතාගෙන.



හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now