මට ශෙරෝන් කියන්න එපා යකොව්

1.4K 190 39
                                    

AISM එකේ අනිත් Top Board අයියලා
දෙන්නත් මට විශ් කරලා දාලා තිබ්බා. ඒ හින්දි නලුවගෙ අනිත් කෑලි දෙක. තුනම එකයි. ලොකු සීන් අල්ට්‍රා ප්‍රෝමැක්ස්.

නලුවා මට CV එක දාන්න කියලා සතියක්ම ගෙවුනා. ඉරිදා රෑ 11.59 කියලයි deadline එක තිබ්බෙ. අනේ ඉතින් කොලුකමටනෙ. මට ඇත්තටම අතමක උනා ඒක upload කරන්න. මොකද ඒ සතියෙ මට කරන්න වැඩ දාහක් තිබ්බා. අනේ ඉතින් හෙඩ් පිපෙට්ටවත් නැති වැඩනෙ මට තියෙන්නෙ. බලන්න ඉතින් නේ. හැම පැත්තකින්ම මටමනෙ අවධානය ලැබෙන්නෙ බලන් ගියාම.

ඉරිදා මහ රෑ වෙලත් මම ඇහැරගෙන හිටියේ. ලබන සතියේ තියන sportsmeet එකේ records වගයක් ලියන ගමන්.

"විද්වාන්, උඹ CV එක දැම්මද? අඩේ දැම්ම වගේ නෙවෙයි interview එක තියද්දි නේ. දැන් ඉන්න top board එක පට්ට නහරකාරයො ටිකක් නෙ."

මහ රෑ අල්ලපු ස්කෝලෙ එකාගෙන් කෝල් එක එද්දියි මට තරු පෙනුනේ. වෙලාව 11යි!
හම්බෙයි උඹට Top brd නෙවෙයි වෙන ල#$%.

මටම බැන බැන ලැප් එකත් ලඟට ගත්තු මම CV එක හදන්න ගත්තා. ඒත් එකපාරටම මට qualifications දාන්න ඕනෙ විදිහ හිතාගන්න අමාරු උනා. තියන පණ්ඩිතකමට වෙන එකෙක්ගෙන් අහන්න හිතුනෙත් නෑ. කොහොම හරි ගේමක් ගහලා CV එක හදාගෙන ඉවර වෙද්දි 11.55 වෙලා.

මොකත කරන්නෙ කියලා දහ අතේ හිතන ගමන් නියපොතු හප හප මම ෆෝන් එකට අතට ගත්තා. මොකද මං දන්නවා ඔය මඟුල අප්ලෝඩ් වෙන්නම අඩුම විනාඩි දහයක්වත් යනවා.

"හෙලෝ අයියේ...."

ඔව් ඔව්. හින්දි නලුවට තමා කතා කරේ. මොනා කරන්නද ඉතින් ටිකකට ලොකු සීන් එක පැත්තකින් තියලා මම ඊශාන් අයියට කෝල් එකක් අරගෙන විස්තරේ කිව්වා. දැන් අහන්න එපා ඇයි අනිත් අයියලා දෙන්නට ගත්තේ නැත්තෙ කියලා. මං දන්නෑ ඉතින්. එයාටමයි ගන්න හිතුනේ.

"අඩේ.. දැන් නම් අප්ලෝඩ් කරන්න වෙලාවක් නෑ තමයි.... ශෙරෝන් මෙහෙම කරන්න. documents ටික මගෙ වට්සැප් එකට එවන්නකො. මම ශේප්මන්ට් එකක් දාන්නම්."



මට ශෙරෝන් කියන්න එපා යකෝව්.. සෙද්ද


"Thank you so much aiye..."

එච්චරයි ඉතින්. තෑන්ක්ස් කරාම ඇති නේද. වෙන මොකුත් කියන්න ඕනෙ නෑනෙ මං කියන්නෙ. මං ඉතින් එයාගෙ වට්සැප් එකට ඒ ටික යවලා ආයෙම රිපෝට්ස් ටික ලියන්න ගත්තා.

හිස්තැනක් (COMPLETED) Onde histórias criam vida. Descubra agora