ආදරේ

863 149 18
                                    

"දැන් ඉතින් මූණ එල්ලන් හිටියා කියලා ඔය මඟුල හොඳ වෙන්නෙ නෑනෙ. ම්ම්ම්.. මේ දෙළුම් එක බීලා ඉන්නකො."

"එපා"

"අනේ මේ.. නළව නළව ඉන්න බෑ. බොනව නං බොනවා."

"හරි හරි. හැබැයි ටිකයි ඈ."
මං දෙළුම් එක මේසෙ උඩින් තියන්න යද්දිම නලුවා ඇද ඇද කිව්වා.

"බොන්න දැන් ඉතින් ටිකක් හරි. ඉරණම් පොතේ මැරෙන්න තියන දවස ටිකක් දික් වෙයිනෙ."





"ශෙරොන්.."

"ම්ම්ම්..." මම නලුවව ඇඳෙන් නිදි කරවලා ඒ ඇඳ උඩම ඉඳගෙන එක අතක් ඇඳේ තියාන අනිත් අතින් ෆෝන් එක ඔබ ඔබ හිටියා. අප්පච්චි එන්න තව පැයකාලක්වත් යයි. එතකන් ඉන්නවා. නැතුව මේ නලුවට තනි රකින්න නෙවෙයි හරිත ඉන්නෙ. ඒත් එකපාරටම නලුවා එයාගෙ සේලයින් ගහපු අත ඇඳ උඩ මුක්කු ගහන් හිටිය මගේ අතේ ඇඟිලි උඩින් තිබ්බා. එහෙමම ෆ්‍රීස් උන මම හෙමීට නලුවා දිහා බැලුවා. ම්හුක්.. පොර මං දිහා නෙවෙයි බලන් හිටියේ. එයාගෙයි මගෙයි අත් දෙක දිහා. ඒ අත අයිස් වගේ සීතල වෙද්දි පිට කොන්ද දිගේත් අයිස් කැටයක් රූටලා ගියා වගේ හැඟීමක් ආවා.

විසාල කරදරයක් වුනා මේක!

විනාඩි කීයකද... එයත් ගොම් බෙට්ට වගේ අපෙ අත් දිහා බලන් ඉන්නවා. මමත් මොකෙද්දෝ වගේ අයියගෙ මූණ දිහා බලන් ඉන්නවා. බැරිම තැන මම අත ගන්න හදනකොටම,

"මංදා බං.. උඹව හරියට මට දැනෙනවනෙ. ඇයි කියලා තේරෙන්නෙත් නෑ."

මටත් තේරෙන්නෙ නෑ තමා. දැන්වත් අත ගන්නවද?

"අයියේ.. අප්පච්චි තව විනාඩි පහෙන් මෙතන කිව්වා. ගිහින් එන්නම්."

"හරි එහෙනන්. පිං බං උඹට."

"අනේ පින තියාගනින්. මට කලින් හම්බුන පිං ටිකත් නැතිවෙලා ඇති මේ කරගත්තු අලුගුත්තේරු වැඩේට."

බඩ අල්ලගෙන හෙන අමාරුවෙන් වගේ නලුවා හිනා වෙද්දි නං පව් කියලත් හිතුනා.

"පරිස්සමින් ඉන්න. අම්මලා දවලුත් එයි නේ. ඇඳෙන් බැහැලා එහෙ මෙහෙ යන්න එපා තනියම."

"ඕකේ පොඩි මෑන්.."









"කොහොමද පුතා අර දරුවට."

හිස්තැනක් (COMPLETED) Unde poveștirile trăiesc. Descoperă acum