"ශෙරෝ.. එද්දි සන් ක්‍රශ් එකක් අරන් එනවකෝ..."
කවදා ඉඳලත මම ශෙරෝ උනේ ඒ පාර
"මොකද්ද ඕයි වෙලා තියෙන්නෙ. හැමදාම එක එක මඟුල් අරන් එන්න කියන්නෙ.." යකා නැග්ග පාර කාර් එක අස්සෙ ඉඳලම කෑ ගැහුවෙ අප්පච්චි ඉන්නවා කියලා අමතක වෙලා.
"මොනවද පුතා ඔය කතා කරන විදිහ?" අප්පච්චිත් මට රැව්වා ඈ එහෙනන්.
"ඉතින් ඇත්තනෙ අප්පච්චි. හැමදාම එද්දි එක එක බීම අරන් එන්න කියන්නෙ. හොඳයි ද මං අහන්නෙ මේ වගේ අසනීප වෙලා ඉද්දි." ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් මං දිහා බලාන ඉන්න නලුවට ඇහෙන්නම මම අප්පච්චි එක්ක බැන්නා.
"ඒකනං ඇත්ත පුතා. ඔය කෘතීම බීම බොන එක ටිකක් පාලනේ කරන් ඉන්න මේ දවස් ටිකට. බඩට කොහොම වෙයිද කවුද දන්නෙ."
"ඇහුනත පුතාට. දියර වර්ග බොන්න කිව්වට ඔව්වා බොන්න කිව්වෙ නෑනෙ. හිටහන් මං එනකන් ඔයා ආස කෑමක් ගේනවා."
"ඔහොම රවන්න එපා බං. ඉක්මනට නාකි වෙනවා. හරි හරි පරිස්සමින් එන්න එහෙනන්. මං තිබ්බා..."
"තියනවා ඉතින්." ෆෝන් එක කට් කරපු මම ටිකක් වෙලා යනකන් නලුවගෙ dp එකට ඔරවගෙන හිටියා.
"ඩිගි ඩිගි ඩිගි ඩිගාරේ..
බට්ට පුතා කොයි ඉන්නෙ...
අනෙ කලබ..ල...."හුට්ටප්පරයයි! සින්දුවකුත් කියාගෙන කාමරේ අස්සට යද්දිම කවුදෝ උස කොල්ලෙක් නලුවගෙ ඇඳ ලඟ ඉන්නවා. බුදුඅම්මෝ ඒ කොව්වගෙ සස්සන! කිරි පාටට බැබලි බැබලි උසට උසේ රිටක් වගේ මනුස්සයා. සගක් දාගෙන නලුවගෙ ඇඳට මුක්කුවක් ගහගෙන ඉන්නවා. හොඳම දර්සනේ කියන්නෙ ඒ කොව්වා හිටියෙ නලුවට ලං වෙලා. නලුවත් ඒ කොව්වට හොඳටම ලඟින් ඉඳගෙන කොව්වා දිහා මූණ හරවගෙන හිටියෙ. මෙතන යම්කිසි දෙයක් සිදුවෙනවදෝ මංදා. නලුවා අර කොව්වට තොත්තුවක් දෙන ගමන්ද දන්නෑ නෙ හිටියෙ. මම ඩිස්ටර්බ් කරලත. මම හයි පිච් එකෙක් සින්දුව කියාගෙන එද්දිම දෙන්නා එකටම මං දිහා බැලුව විදිහට පොලොව පලාන් යන්න හිතුනා. අර සස්සන කොව්වා බය වෙලා වගේ බලන් ඉද්දි නලුව හිනාව හිරකරගන්න ලොකු උත්සාහයකයි හිටියෙ. අනේ ඉතින් හිනා වෙන්න දෙයක් යෑ. මං ලස්සනට සින්දුව කිව්වනෙ. සැක්.. සැක්ම සැක්.
ESTÁ A LER
හිස්තැනක් (COMPLETED)
Não ficçãoඅති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..