ගල්ටි සෙ මිස්ටේක්

885 148 49
                                    

මුලු සහස් උයනම කානිවල් එකක් වගේ. හැමතැනම බල්බ් වැල් දාලා. ශෝ එක තියන තැනත් හරිම ලස්සනයි. නාදගමේ බෑන්ඩ් එක ස්ටේජ් එකේ පිටිපස්සෙන් හිටියා. එතකොට සින්ග් කරන අයට ඉඳගන්න ස්ටූල් තිබ්බේ එයාලට ඉස්සරහින්. කාංචනා අක්කි අද තවත් ලස්සනයි. හැමදාම වගේ එයාගෙ අර දිග කොණ්ඩෙ දෙකට බෙදලා හිම වගේ සුදු දිලිසෙන ගවුමක් ඇඳගෙන හිටියේ. සුපුන් පෙරේරා, ධනිත් ශ්‍රී, දිනේශ් ගමගේ, මෙතුන්, රිද්ම එතකොට දිනූප ඔය හැමෝම ඇවිත් හිටියා.

ශෝ එක පටන් ගන්න ලෑස්ති වෙලා announcer මයික් එක අතට ගද්දිම මුලු සහස් උයනම මීයට පිම්බා වගේ වුනා. ඒක හරි අමුතු අත්දැකීමක්. සෑහෙන කාලෙක ඉඳන් හීන මව මව හිටිය ශෝ එකකට ඇවිත් මෙහෙම ඉන්න ලැබෙන එක. ශෝ එක ස්ටාට් කරේ රිද්මගෙන්.

නීල නයන කරකා
මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා
තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
නොයමී නුවරට මා නොයමී
වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
දනිමී පෙර අත් බව හුරු දනිමී
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
පිටවාන් දමන හැඟුමේ තනියේ

පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
සුවදයි කුමුදිනියේ මගෙමයි
අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
පුදුමයි හිත මුමුණයි ඔබ ගැනමයි
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
හාදු තියමි සුළඟට තනියේ

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

ඊලඟට කංචි අක්කගෙ ආලේ මල් සොන්ග් එක. මුලු ඕඩියන්ස් එකම දෙක වෙන්න කෑ ගහනවා. එතකොටමයි මට කෝල් එකක් ආවෙ.

"ශෙරෝන්.. කොහෙද මනුස්සයෝ ඉන්නේ.."

"හෑ.. කොස්සක් මෙහෙ කොහෙන් හොයන්නද අයියේ."

"උඹ කොයි හරියෙද ඉන්නෙ කියලා ඇහුවෙ බං."

"කොස්ස රාක්කේ...? කෝ.. කොහෙද ?"

හිස්තැනක් (COMPLETED) Onde as histórias ganham vida. Descobre agora