අපි ඒ වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ප්‍රැක්ටිස් කරා. හවස මුන්ෂිෆ්ගෙ ස්කෝලෙ සරුයි හනන්ගෙ ස්කෝලෙ සරුයි දෙන්නා අපි හෙට workshop එක කරන ස්කෝලෙට ගිහින් ඒ ප්‍රින්සිපල් එක්ක කතා කරලා. හොඳම වැඩේ කියන්නේ ඒ ළමයින්ට මල පොතේ සිංහල අකුරක් බෑලු. තනිකර ඇරබික් ඒ ළමයි භාවිත කරන්නෙ. අඩුම ඒ ස්කෝලෙ ඉන්න ගුරුවරු විස්සෙන් පහකටවත් සිංහල කතා කරන්න බෑලු.
"අනර්ගයි.. අද්විතීයයි.. විශිෂ්ඨයි.."
ඉමෝසනල් ඩැමේජ් වෙලා හිටිය හනන්ගෙ පිටට තඩි බබා ශිෆාන් හරිම නාට්‍යානුසාරී විදිහට අඬන්න තියාගත්තා. අපි හැමෝම සර්ලගෙ රූම් එක වෙලා හිටියෙ. කරන්න දෙයක් නෑ. කෙලින්ම මුන්ෂිෆ් වැඩේ බාරගත්තා.
"මට ඇරබික් පුළුවන්. වැඩේ ගාණට කරගෙන යන්න පුළුවන් වෙයි."
ඉතින් අපි ඒක ඒ වෙලාවට බලාගන්න තියලා ගෙනාපු බඩු ලෑස්ති කරගන්න පටන් ගත්තා. ඒ ළමයින්ට දෙන්න තෑගි විදිහට ස්කෝලෙ වුවමනා දේවල් පහ ගානෙ පැක්ස් පනහ, ප්‍රොජෙක්ටස් දෙක සහ ස්ක්‍රීන් දෙකපැක් කරන්න ගත්තා.
බෑග්ස් ටික පැක් කරන අතරේ මම කල්පනා කර කර හිටියේ නලු බට්ටා කිව්ව දේවක් ගැන.
"අයියා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?"
මගෙ ජන්මාන්තර පුරුද්ද තමයි ඕනෙම ඕන්නැති දේකට හොට දාන එක. ඉතින් මෙන්න ඒවයෙ ප්‍රතිඵල.. ටංට ටාං..
පඩි හතරක් පහක් බහිනකන් නලුවා මොකුත් කිව්වෙ නෑ.
"ශෙරොන්.. අපි පොඩ්ඩක් ගාඩ්න් එකේ ඉඳලා යමුද?"
මම මොකටත ඒයි ගාඩ්න් එකට යන්නෙ ඔයත් එක්ක. අනික අහපු දේට උත්තර දීලා ඉන්නවා ඔක්කොටම කලින්.
"හ්ම්ම්.."
පල්ලෙහාටම ඇවිත් ගාඩ්න් එකට ගිය අපි එතන කොහොඹ ගහක් යට බෙන්ච් එකක ඉඳගත්තා.
"කොහොමද එකපාරටම කිව්වෙ මම ප්‍රශ්නෙක ඉන්නෙ කියලා."
බෙන්ච් එකේ මගේ ගෑවී නොගෑවී හිටිය නලුවා එකපාරටම මගේ පැත්ත හැරෙද්දි මම උඩගියා. ඒත් ඒක නොපෙනෙන්න පොඩ්ඩක් උගුර පාදලා මම එයාගෙන් ඈත් වුනා.
YOU ARE READING
හිස්තැනක් (COMPLETED)
Non-Fictionඅති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..