No capsan

780 136 16
                                    

"හරි.. පාඩම් කරන්න. මං තියන්නම් එහෙනන්."

"ම්ම්ම්.. ආ.. අයියේ.."

"ම්ම්.."

"තව මාස දෙකයිනෙ එක්සෑම් එකට. මං ෆෝන් එක අයින් කරනවා මේ මාස දෙකට. ඔයාට ඕනෙ උනොත් අම්මගෙ නම්බර් එකට කෝල් ගන්න ඈ."

"ආ.." සද්දෙ ටිකක් බිඳුනා වගේද මංදා. ඒත් ඉතින් මොනා කරන්නද අයියේ. මට එස්සෑම් නෙ.
" හරි. ශෙරොන් පරිස්සමින් ඉන්නකො. හොඳට පාඩම් කරන්න. වෙලාවට කන්න හරිද.."

"හරී. ඔයත් පරිස්සමින්.."

"ම්ම්.. බුදුසරණයි."

"බුදුසරණයි අයියේ."

මං ෆෝන් එක අයින් කරලා ආයෙම පාඩම් කරන්න ගත්තා. ඇත්තම කිව්වොත් දැන් මම පාඩම් කරලා ඉවරයි. මේ කරන්නෙ නෝට්ස් බල බල ආයෙම දේවල් මතක් කරගන්න එක. සුබ්ජෙක්ස් සේරම මට hundred present ශුවර්. ඒ නිසාම ලොකු ප්‍රෙශර් එකක් තිබ්බෙත් නෑ. සමහර අමාරු තැන්වලදි නලුවත් මට උදව් කරා. ඒත් එයා මැත්ස් නේ. පුළුවන් දේවල් වලදි උපරිමෙන්ම උදව් කරා. කොහොමත් ගොඩක් දේවල් එයාටත් අලුත්. මොකද මේ London ALs නේ. මෙහෙ සිලබස් එකට ටිකක් සමාන වුනාට වෙනස් තැනුත් තියනවා.

ඉතින් ඒ මාස දෙක ඇතුලෙ සතියට එක පාරක් ගාණෙ නලුවා කෝල් ගත්තා. හැබැයි ඒ කෝල්ස් විනාඩි පහකට දහයකට සීමා වුනේ එයාම මට පාඩම් කරන්න යන්න කියන නිසා.





.
.
.


ALs ඉවර වෙලා කාලෙ ඔහේ ගෙවිලා ගියා. මම ලංකාවෙ AL ත් කරන්න ලෑස්ති උනත් අප්පච්චි කිව්ව නිසා අතෑරියා. කමක් නෑ. එන රිසාල්ට් එකක් එන්නෙ නැතෑ. england කොහෙ හරි university එකකට යන්න තිබුනොත් ඇති. ඔහොම ඉද්දි ඉතින් තව අවුරුද්දකුත් අලුතින් පටන් ගත්තා. ඒකත් ගෙවිලා ගිහින් දැන් මාස දෙකකුත් වෙන්න ඇවිත්. ඔය කාලෙ ඇතුල තුල ඊශාන් අයියලාගෙ time period එක end වෙලා අපෙන් AISM top brd තේරුනා. බලාපොරොත්තු උනා වගේ මාවත් බෝඩ් එකට සිලෙක්ට් වුනා. ඉතින් දැන් වැඩ කෝටියයි. හැම ස්කෝලෙකම යුනිට්ස් ගැන බලන්න ඕනෙ. ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්න ඕනේ. මීට්න් තියනවා. ඒත් ඉතින් ආසාවෙන් කරන්නෙ මේවා. තාම එක්සෑම් එකේ රිසාල්ට්ස් ආවෙ නැති නිසා මම කොහොමත් ෆ්‍රී. ඒත් ඉතින් මම ස්කෝලෙ නොගියට හෙන බරපතල සොසයිටි වල ඉන්නෙ. එහෙන් AISM එක. තව පැත්තකින් Lion's club. එහෙන් රොට්‍රැක්. ෆුඃ..


හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now