lived happily ever after

1.1K 151 91
                                    

මාස නමයක්!! ඔව්.. හරියටම මාස නමයක් අයියා මගෙන් ඈතට ගිහින්. ඒ කාලෙ ඇතුල තුල සිද්ධ වුන සිදුවීම් මොකුත් මං කියන්න යන්නෙ නෑ. මොකද මං කඩන් වැටුන හැටි වගේම ඒ කඩන් වැටීම ඇතුලෙන් මං නැගිටපු හැටි ගොඩක් ලොකු කතාවක් වෙන නිසා. මට ඒ දේවල් කියන්න උවමනාවක් නෑ. ආත්මාර්ථකාමී කියලා හිතන්න එපා. ඒත් මම දැන් ඒ දේවල් ඔක්කොම අතීතෙට භාරදීලා තියෙන්නේ. මෙච්චරයි. එකම එක අවස්තාවක් අයියව හම්බවෙන්න ලැබුනොත් සමාවගන්න පුළුවන් හැමවිදිහකින්ම සමාව අරගෙන මම එයාට කොහේවත් යන්න නොදී පරිස්සම් කරගන්නවා. ඒක කොච්චර අමාරු වුනත්.

කැම්පස් එකේ one yr එකත් නිකම්ම ගෙවිලා ගියා. අපේ බැජ් එකේ මමයි මේ සැරේ batch top වුනේ. මම විතරයි දන්නෙ ඒ රෑන්ක් එක දාගන්න මං විඳපු කට්ට. ඉතින් ලංකාවට ආපු ගමන් මං මටම ට්‍රීට් එකක් දෙන්න හිතාගත්තා. මොකද රිසාල්ට්ස් අවුට් වෙලා පහුවදාම මම ලංකාවට ආවා. අයියා ගැන කිසිම ආරංචියක් නෑ තවම. අශාන් අයියා වුනත් පුදුම වෙනවා හොඳම යාලුවා වෙලත් උටවත් නොකියා අයියා රට ගිය එක. අඩුම ගියේ මොන රටට ද කියලවත් අශාන් අයියා දන්නෙ නෑ. අයියලාගෙ අම්මලත් ඉන්නේ අබ්‍රෝඩ් නිසා වෙන කිසිම තොරතුරක් දැනගන්න විදිහක් නෑ.

මට මුලදි නං කිසිම හැඟීමක් තිබුනේ නෑ අයියා ගැන. මං කියන්නේ ආදරේ වගේ හැඟීමක්. ඉතින් ඒ වගේ කාලෙක තමයි අයියා මගෙ ඇහුවෙ ඉස්සල්ලාම. ඒත් අන්තිම කාලෙ වගේ මගේ හිත වෙනස් වෙන්න ගත්තෙ මටත් නොදැනිමයි. ඒත් මොකක් හරි හේතුවකට මට ඒක අයියට පෙන්නන්න ඕනෙ වුනේ නෑ. මගේ හැම පුංචි දේම එයත් එක්ක කියවන් ගියාට මේ දේ මට එයාට කියාගන්න බැරි වුනා. බැරිම තැන අයියම ඇහුවා. ඒ වෙලාවෙ වුනත් මට කියන්න බැරි වුනා. ඒත් අඩුම අයියා අන්තිම මොහොතේ යනවා කියද්දි වුනත් ඇයි මට කොන්ද පණ තිබ්බෙ නැත්තෙ අයියව නවත්තගන්න. ඇයි මට කට ඇරලා එක වචනයක් කියාගන්න බැරි වුනේ අයියෙ නවතින්න කියලා. අන්තිම මොහොතේ ඔය වුන සිද්දිය තමයි මාව අන්තෙටම කඩන් වැටුනේ. මම අයියට ලොකුම ලොකු අසාධාරණයක් කරේ කියලා දැන් දැනෙනවා. ඒත්.. ඒත්.. අයියව ආයෙ එකම එක වතාවක් හම්බෙනව නම්..

ඩෑන්.. එයා ගැන කියනවනම් එයාව මට සම්පූර්ණයෙන්ම මානසික වදයක් වුනා. පුදුම විදිහකට මගේ පස්සෙන් පැන්නුවේ. එයා නිසාම මගේ නම්බර්ස් පවා වෙනස් කරන්න වුනා. අන්තිමේදි අශාන් අයිය නිසා තමයි එයාගෙ කරදරෙනුත් බේරෙන්න ලැබුනේ.

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now