"මේ ශෙරොන් පුතාද..?"
"ක.. කවුද.."
"මම ඊශාන්ගේ අම්මා කතා කරන්නෙ."
"අ.. ආන්ටි.. නලු.. මං කිව්වේ.. ඊශාන් අයියා ඉන්නවද?"
ශුවර් එකටම මුගෙ ලෞ එක ගෙදරට අහුවෙලා ෆෝන් එක ගන්න ඇති. ඒකනෙ අම්මා කෝල් ආන්සර් කරේ. දැන් ඇති ළමිස්සි වගේ කාමරේ මුල්ලකට කරලා.
"ඊශාන් හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා ඉන්නේ. දැන් දවස් හතරක් වෙනවා."
ආන්ටිගෙ කටහඬ වෙවුලුවා."මො.. මොකක්.."
මගෙ පිට දිගේ කරන්ට් එකක් ගියා වගේ දැනුනා එක සැරේටම. මොනවද කියන්නෙ කියල හිතාගන්නත් බැරි උනා. නලුවා හොස්පිට්ල්! ඒත් ඇයි.. ඌ ගිය ටිකේ හරියට කෑම කෑවෙත් නෑ. මං කොච්චර බනින්න ඇද්ද..
ඇත්තටම ඒ පහු උන සති කීපයේදි නලුවයි මායි ගොඩක් ආශ්‍රය කරා. එයා සැරයක් කිව්වා මාව එයාගෙ හිතට ගොඩක් දැනෙනවා කියලා. එහෙම වෙන්න එපෙයි. මේ කාලෙ කාගෙන උගෙ දුක අහන්නෙ මගෙ නිර්මල අහිංසක හිත උනු උන නිසා කියලා එයා දැනගන්න ඕනේ. හුම්.. කොහොම උනත් එයා කතා කරපු වාරයක් ගානෙ මට දැනුනෙ එයාගෙ නෙගටිව් පැත්ත. ඉතින් පුළුවන් තරමින් මං එයා හිතන දේවල් වෙනස් කරන්න ට්‍රයි කරා. ඒත් අර කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ වගේ දවසින් දවස හිතේ අමාරුව ගැන කියවන්න ගත්තා.
"ආ.. ආන්ටි.. අයියට මොකද.."
"අපි ඊශාන්ගේ afr එක ගැන දැනගෙන හිටියේ නෑ මීට කලින්. මෙච්චර දෙයක් කරගන්න තරම් ඒ ළමයා..."
"හරි.. හරි.. ආන්ටි අඬන්නැතුව ඉන්නකො. අයියා කොහෙද ඉන්නේ?"
"ආසිරි එකේ. ....... රූම් එකේ."
"තෑන්ක්ස් ආන්ටි. මං.."
"සිහිය ආපු ගමන් ශෙරොන්ව තමයි පුතා ඉස්සල්ලාම මතක් කරේ."
හිතට හොඳටම දැනිලා වGay..
"ම්ම්ම්.. අයියට කියන්න මං හෙට උදෙන්ම එන්නම් කියලා."
ප්‍රෙශර් පෙති තිස් හතක්!!!!! ඒකත් එකවැර. ඇති මනුස්සයා මැරෙන්නෙ නැතුව බේරුනා. නෑ මං කියන්නේ.. ඔච්චර තොගයක් එක සැරේ ගත්තොත් ගොඩක් දුරට ජීවිතේ ගැන විශ්වාස තියාගන්න අමාරුයි.
YOU ARE READING
හිස්තැනක් (COMPLETED)
Non-Fictionඅති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..