අවධානෙත ඉල්ලන්නේ

1.1K 179 22
                                    

ගෙවුනු දවස් වල හෙනට ඉතින් Sportsmeet බීසනේ. ස්කෝලෙ ඇරිලා පන්ති කාමරවල් ලොක් කරගෙන හවුස් වල රහස් කුමන්ත්‍රණ. අනේ ඉතින් අසරණ මම එක හවුස් එකකටවත් යන්නෙ නැතුව අපෙ ක්‍රීඩා භාර සර් එක්ක පාඩුවේ මගේ වැඩ ටික කරගෙන ගියා. ඒ උනාට ඉතින් ඉඳලා හිටලා....මත් නෙවෙයි... ගොඩක් වෙලාවට මගෙ අවධානය තිබ්බෙ ඉතිම් මගෙ හවුස් එකට තමයි.

බාස්කට් බෝල් කේස් එක වසත් සර්, අංජලී මිස් එක්ක විසඳගෙන තිබුනා. කොහොම හරි ඉතින් ඒ හවුස් එකට අන්තිමේදි බාස්කට් බෝල්වලින් ලැබුණු ලකුණු ඔක්කොම කපලා තිබුනා. අපරාදෙ හැබැයි. ඒකෙන් උනේ ඒ හවුස් එකයි අනිත් හවුසුයි අතරේ තිබ්බ marks gap එක සෑහෙන්න වැඩි උන එක.

ඔය ඉතින් එක එක සීන් ගොඩක් උනා ඔය කාලෙ ඇතුලත. sportsmeet එකට කලින් දවසෙ හිටපු ගේම්ස් කැපා ඇවිත් මට සද්දයක් දැම්මා. එයාලගෙ culture එක වෙනස් කරන්න එපාලු. වැඩිය නටාගෙන ආවොත් ප්‍රින්සිපල්ට complain කරනවලු. හෙන පඩ ටෝක්ස් ටිකක් දීගෙන ආවා. අවුරුද්දක් වැඩිනෙ කියලා මුලදි කට පියාන හිටියා. ඒත් මේකා ගාණට වැඩියි. ඉස් ඉස්සල්ලා අපෙ උනුත් ආවා වැඩේ ශේප් කරන්න. ඒ උනාට ඒ හු$$# කට පුපෙන් ඇවිත් තියෙන්නෙ. අන්තිමේදි ඕනෙ ලබ්බක් කියලා මං දෙසලා ඇරියා. කැ#$ %$@& මහ.. ඇයි යකෝ. පැය ගාණයි උත්සවේට. තව වැඩ තියනවා මට.
ඇඬෙන්නම දේසනාවක් කරා උට. දෙයියෝ කටක් මවලා තියෙන්නෙ කතා කරන්නනෙ ඉතින්. කොහොමහරි අන්තිමේදි මෑන්ට සිද්ද උනේ නැට්ට පුපේ ගහගෙන යන්න. ආවා මෙතන මට culture එක ගැන උගන්නන්න.

පහුවදා sportsmeet එක ගොඩක් සාර්ථකව ඉවර කරා. ආපු chief guest එයාගෙ speech එක වෙලාවෙදි අපෙ sportsmeet එක කිරි ටොයියට දීලා තියනවා කිව්වා. කාටද ආඩම්බර... මේ මට මිසක්! හෙහේ..



දෙයියනේ කියලා monthly test එක නම් මැඩම්ලට අමතක වෙලා නෑ. බලන්න ඉතින් අපෙ මිස්ලගෙ ආදරේ නේ. රෙද්ද තමයි. sportsmeet එකට මැරිලා මැරිලා සතියකින් මන්ත්ලි ටෙස්ට් එක. යසයි

ඒත් එහෙමයි කියලා මාක්ස් අඩුවෙන් ගන්නත් බෑනෙ. මොකද පන්තියෙ මාත් එක්ක තරඟ කරන තව ළමයි දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඉතින් කවදාවත් මං උන් දෙන්නට පලවෙනියා වෙන්න දීලම නෑ. මොකද හැම subject එකකටම මම ගන්න පුළුවන් උපරිම ළකුණු ගන්නවනෙ  හෙහේ.. හැබැයි මන්දිල්ට නම් ඔය පාඩම් කරන පිස්සුව නෑ පොඩ්ඩක්වත්. ඌට දෙයියනේ කියලා subjects තුනට 50 ට උඩ තිබ්බොත් ඇති. ඔහොම ගියොත් ඩොක්ටර් නෙවෙයි.. ඩොක්ටර් ගෙ ඔෆිස් එකේ කෝපි හදන එකා වෙන්න පුළුවන් හැබැයි.



හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now