අස්තක බනායා..

877 141 42
                                    

My bestie and your bestie
Sit down by the fire
Your bestie say she wan' party
So can we make these flames go higher..

මහ පාන්දර කෝල් එකක් කන ළඟින් ඇහෙද්දි මං උඩ ගිහින් ඇහැරුනා කිව්වොත් හරි. මුළු සිංහල හෝඩියම මතක් කර කර ෆෝන් එක අතට ගද්දි ඒ නලුවා. අතපත ගාලා ෆෝන් එක අතට අරගෙන ආන්සර් කරා.

සිරා කියහන්.. වෙලාව පාන්දර තුන හමාරයි!! යකෝ නලුවෝ.

මං ෆෝන් එක ආන්සර් කරේ මේසෙ උඩ තිබ්බ ග්ලාස් එකෙන් වතුර උගුරක් බොන ගමන්.

"රෝන්ග් නම්බර් මිස්ටර්. සොරි ෆෝ ද...."

"මැ..ණි..ක.."

කැහ් කැහ්.. පිට උගුරෙ ගිය පාර ෆෝන් එකත් අතින් අතෑරුනා. ෆෝන් එක ආයෙන අතට අරගෙන මම ස්ක්‍රීන් එක දිහා බැලුවෙ මේ නලුවමද කියලා ශුවර් කරගන්න. ඔව් ඉතින්. වෙන මොකාද. නිදිමත නං ඒ පාර පැනලම ගිහින් වගේ.

"අ..යියේ.." මම හෙමීට කතා කරලා බැලුවේ මේකට වැරදීමක්වත් වෙලාද කියලා.

"ඇයි මාව මඟාරින්..හික්  වස්තුව.."

"ඈ.. අයියෙ ඔයා බීලා නේ.."

"කෝ.. කවු.. හික්.. බීලා තියෙන්නෙ. මං උඹට හවසත් කිව්වා නේ හික්.. බොන් එපා කිය.. හික්..!"

යකෝ මූ සූර් වෙලා ලොවෙත් නැති වෙන්න. දැන් මොකද කරන්නෙ. ෆෝන් එක කට් කරන්නත් බෑ. මොන නාඩගමක් නටයිද කවුද දන්නෙ ඊටපස්සෙ. කියන කුනුහරපයක් ඉවසන් ඉන්න තමා තියෙන්නෙ.

"අයියේ..."

"හික්.. ඇයි මගෙ වස්.. හික් තුව.."

"ඔයත් එක්ක අනිත් අයත් ඉන්නවද..?"

"නෑ.. නෑ නෙවෙයි හික්.. ඔව් ඔව්.."

"හරියට කියන්නකො. අශාන් අයියා ඉන්නෙ ඔයාගෙ ලඟද.."

"හික්.. ඒකා ඇඳ පල්..ලෙ. ඌට වැඩි හික්.. වෙලා. අනිත් උන් වෙන රූ.. හික්.. ම්ස් වල. මං විතරයි මෙතන හික්.. කෙලින් කටින් ඉන්නෙ.. ඔව්.."

"ඒක නං පේනවා හොඳට."

"මොනාද මගෙ වශ්තුවට ඕනෙ."

"අනේ මොකුත්ම එපා අයියේ. හොඳ ළමයා වගේ නිදාගන්නකො. හරි කෝල් එක කට් කරන්න ඕනෙත් නෑ. ඔහොමම ඇඳේ හාන්සි වෙන්නකො."

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now