දේසනාව

826 147 35
                                    

ටිකක් වෙලා යනකන් නලුවටයි මටයි මොකුත් හිතාගන්න බැරි වුනා.

"එයාලා අනිත් අයටත් කියයිද.."

"මොකද්ද?"

"ඔය කියාන ගියේ. අනේ උඹට කිසි ගාණක් නෑනෙ අයියේ.." මට මල පැන්නා. ඇයි යකෝ. අර කරවල පෙන්දියෝ දෙන්නා ගිහින් මොකක් හරි අසභ්‍ය දෙයක් කියලා තිබුනොත් එහෙම. ආයෙ ඉතින් දෙයක් කියනකන් නෙ ඉන්නෙ මිනිස්සු ඒවා ඉස්මුදුනින් පිලිගන්න.

"ඉතින් කියපුදෙන්."

"අයියේ...!!!!"

"දැන් අපි අතරේ ඔය හිතන මොකුත් උනාද? නෑනෙ. ඉතින් ඇයි අපි බොරුවට කලබල වෙන්නෙ."

"ඔයා ඔහොම කිව්වට ඒකි ගිහින් අනිත් අයට එක දෙක කරලා කිව්වොත්."

"බය වෙන්න එපා. මොකක් හරි කියලා තිබුනොත් කනට දෙකක් දීලා එලියට දාන්නෙ. උඹ හිටපන්කො බය නොවි. ඔය බැන්ඩේජ් එක බැඳහන් හරියට. උඹ වැරදිලාවත් සෙන් ජෝන් කරලා නෑ නේ.".

"හු#$% කියවනවා. ගිය අවුරුද්දෙ ප්‍රැක්ටිකල් එකෙන් වැඩිම මට."

"එක්සැමිනට ඇහැක් ගහලද?"

"නෑ.. පු$ ඇ%&. අනේ අයියේ මේ.."

මං කියපු එකට නලුවා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා. තව ඩිංගෙන් අතත් මේසෙ වද්දගන්නවා. හුස්ම ගන්නෙත් නැද්ද මංදා. එච්චරකට කෙකර ගානවා. මොකද්ද ආයෙ ඕකෙ හිනා වෙන්න තියෙන්නෙ. මඟුල.

"මචන්. එලියට වරෙන්කො පොඩ්ඩක්."
පැය භාගයක් විතර ගියාට පස්සෙ රූම් එක ඇතුලට ආපු එක අයියා කෙනෙක් නලුවට කතා කරා. උගෙ මූණ හෙන අවුල් වෙලා වගේ තිබ්බේ. වලියක්වත් ද.

"ඇයි බං." බැන්ඩේජ් කරපු අත අනිත් අතින් අල්ලන් නැගිටින ගමන් නලුවා ඇහුවා.

"පොඩි.. ප්‍රශ්නයක්. හැබැයි උඹ යකා නටන්න ගන්න එපා හරිද.." ඒ අයියා මං දිහත් බලන ගමන් කිව්වා.

"මං එලියට යන්නම්." අයියලා දෙන්නම මොකුත් කියන්න කලින් මම රූම් එකෙන් එලියට පැනගත්තා.

මැච් එක ඉවර වෙලා තිබ්බේ. වෙලාවත් හතර පහු වෙලා වෙන්න ඕනේ. ෆස්ට් ඒඩ් රූම් එකෙන් එලියට ආපු මම මේන් පැවිලියන් එක් පැත්තට ආවෙ අපෙ උන් ඉන්නෙ එතන කියලා මැසේජ් එකක් දාපු නිසා. මැච් එක බලන්න ආපු අය ගිහින් මේ වෙද්දි. දැන් ඉන්නේ සොසයිටි දෙකේ ළමයි වගේම එයාලගෙ යාලුවෝ එහෙම. මොකද musical show එකක් තියනවත් එක්කනෙ. ඒ නිසා කට්ටියක් ග්‍රව්න්ඩ් එකේ. තව සෙට් එකක් සහස් උයනේ.

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now