"මං ඔයාට විහිලුවක් වගේ පේනවද ශෙරොන්?"
එයා එහෙම කියද්දි වතුරට දාගෙන හිටපු මගෙ අත ලිස්සලත් ගියා. පව්. මාලුවෙකුත් චප්ප වුනාද මංදා. මාව විහිලුවක් වගේ පේනවද දන්නෑ.
"උත්තරයක් ඕනෙ නෑ. ටිකක් මට ඇහුම්කන් දෙන්න පුළුවන් ද?"
හුස්මක් හෙලපු මම පොන්ඩ් එක ලඟින් නැගිටලා ඇවිත් එතන පුටුවක ඉඳගත්තා. ටිකකින් නලුවත් ඇවිත් එහා පැත්තෙ පුටුවෙන් ඉඳගෙන මං දිහා බැලුවා.
"මං දන්නෑ මේ හැඟීම කොහෙන් කවදා ඇති වුනාද කියලා. ශානි නිසා ඩවුන් වෙලා හිටිය මට ඔයාව හම්බුනේ මගේ ලොකු ලක් එකකින් කියලමයි හිතෙන්නෙ. ඒ කාලෙ මගේ ඇතුලේ ලොකුම ලොකු හිස්තැනක් තිබුනා. ඒ හිස්තැනට මං කොච්චර බය හිතුනද කියනවනම් මැරෙන්න පවා උත්සාහ කලා. නෑ ශෙරොන්. අර බෙහෙත් පෙති බොන්න කලින් දෙවතාවක් මම සූසයිඩ් කරගන්න ට්‍රයි කලා. මං ඔයාට කිව්වෙ නෑ."
මේ වගේ කතා වෙලාවට කන්න හොඳ මොනාද?
"ඉතින් මට ඔයාව හම්බුනා. එතනින් මට දැනුනා මාව හොඳටම වෙනස් වෙනවා. මං ගොඩක් වෙලාවට මගෙන්ම අහගත්තු දෙයක් තමයි ඇයි ඔයාව මට මීට කලින් හම්බුනේ නැත්තේ ශෙරොන්. ඔයා කොහෙද හිටියෙ මෙච්චර කල්. ඔයාව හිර කරන්න හදනවා වත් ඔයාට බල කරන්න යනවවත් නෙවෙයි. පුළුවන් නං මං කියන දේ ගැන ටිකක් හිතලා බලන්න."
නලුවා එයාගෙම නියපොතු කොනිති ගහ ගහ බිම බලාන හිටියෙ.
"අනේ මංදා ශෙරොන්. ඔයාගෙන් ඇහෙන වචනයක් වචනයක් ගානෙ මගේ ඇතුලෙ තිබ්බ හිස්තැන ටිකෙන් ටික පිරෙන්න ගත්තා දැනුනා. ටික කාලයක යද්දි මටම තේරුනා මං කරන දෙයින් ආයෙම රිද්දගන්න යන්නෙ මටමයි කියලා. හිස්තැන හිස්තැනක් ම වෙයිද කියලා අන්තිමේදි. ඒත් මොකක් හරි හේතුවකට මට ඒක නවත්තගන්න ඕනෙ වුනේ නෑ. තවත් මේක හිතේ තියාගෙන ඉන්නත් බෑ. ඒකයි කිව්වෙ."
එතනින් එහාට සෑහෙන වෙලාවක් යනකන් අපි දෙන්නා අතරේ තිබුනේ ලොකු නිහැඬියාවක්. මගෙ ඔලුවෙ එක එක දේවල් ගොඩක් වැඩ කරා. කවදා ඉඳලඳ මේ වගේ දෙයක් නලුවා හිතාන ඉඳලා තියෙන්නෙ. ඇරත් ඇයි ඉතින් මමම.
YOU ARE READING
හිස්තැනක් (COMPLETED)
Non-Fictionඅති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..