මගෙ ටර්නිප් අලේ,
හැමදේම එපා වෙලා මට යන්න හිතුන වෙලාවක ඇයි ඔයා මතු වුනේ කියලවත් මට අහන්න හිතුනේ නැත්තෙ..
මට ඔතන නතර වෙන්න හිතුන නිසා වෙන්න ඇති
බලාහිදීමක අවසානයේ මෙච්චර ලෙංගතු හමුවීමක් කවදාවත් මම ප්‍රාර්ථනා කරල තිබුනේ නෑ...
ඒත්..
ඒ ලෙංගතු හමුවීම..
ඉක්මනින්ම..
ආදරණීය නවාතැනක් වෙනකන්..
මං බලන් ඉන්නවා..
- ලොකු මෑන්
අයියා මාව දැන් සේව් කරන් ඉන්නෙ ටර්නිප් අල ගෙඩිය කියලා. අනේ මංදා. හේතුවක් දන්නෙ නෑ මාත්.
වට්සැප් එකේ උඩින්ම පින් කරලා තිබුන අයියගෙ කන්ටෑක් එකෙන් ඉස්සල්ලාම දැක්ක ස්ටේටස් එක. තප්පරේකට මාව ගොලු වෙලා ගියා. ඒත් එක්කම මගේම හිත එක්ක මම සංවාද දාස් ගාණක් පටන් ගත්තා. ඒවා එකිනෙකට ගැටෙන, ගැලපෙන, තවත් වෙලාවකට මහ විකාරයක් වගේ කියලා හිතෙන දේවල්.
ඉතින් මං රිප්ලයි එකක් ටයිප් කරා.
*
"අයිති වෙන්නම ඕනෙද ආදරේ කරන්න"
හිත කෝචෝක් එකට අහද්දි "නෑ" මම කියන්නෙ ස්මයිල් ඉන් පේන් මූණකින්
"ඉතින් ආදරේ කරන එක නවත්තනවද" හිත ආයෙම අහද්දි
මගෙ උත්තරේ "කවදාවත් නෑ"
*
මම ලියපු එක සිය වතාවක් විතර මමම කියවලා අනිත් පැත්තට ඩිලීට් කරා. පස්සෙයි මොකද්ද මම කරේ කියලා කල්පනා වුනේ. ම්හ්.. කමක් නෑ. ඒක අයියට සෙන්ඩ් වෙන්න ඕනෙ මැසේජ් එකක් නෙවෙයි.
ඉස්සර තරම් නැති උනත් තවමත් අයියා ගැන හිතද්දි මගේ ඔලුව ඇතුලෙ වයර් සේරම ටැපලිලා හිතන දේවල් ඒ අස්සෙන් යන්නෙ නෑ වගේ දැනෙනවා. ෆෝන් එක එහෙමම අතෙන් ලිස්සලා ඔඩොක්කුවට වැටෙන්න දෙද්දි මම ඇඳ විට්ටමට හේත්තු කරලා තිබ්බ කොට්ටෙ උඩට වැටුනා. බලාගත්තු අතේ බලාගෙන හිටියෙ කල්පනා කරන්න දෙයක්වත් එකවැර හිතාගන්න බැරුව යද්දි.
YOU ARE READING
හිස්තැනක් (COMPLETED)
Non-Fictionඅති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..