"බබා.. මෙතනින් කොහාටද.."
"කොහාට.. ඕ.. ම්ම්.." කන වටේ මදුරුවෙක් කෑගහනවා ඇහුනා වගේ.
"අනේ බං මගෙ යකා අවුස්සන්නෙ නැතුව නැගිටහන්කො. දැන් විනාඩි පහක් විතර මේ ජන්ශන් එකේ."
"මේ වෙලාවෙ නගින්නෙ නෑ අයියේ.. නිදාගන්න දියන්කො."
"පස්සෙ නග්ගන්නම්. දැන් කියපන් මෙතනින් කොයි පැත්තටද දාන්න ඕනෙ."
"කැමති පැත්තකට දාගන්න. මං තරා නෑ."
"යකෝ ශෙරොන්.!!"
මගෙ කන බල්ලෝ!!
"ආ...ව්හ්... හු.." කරකවලා අතෑරියා වගේ ඇහැරුන මට හරි සිහියට එන්න තවත් විනාඩියක් විතර ගියා. ඇහැරවන්න ඕනෙ නං හෙමීට කතා කරන්න තිබ්බනෙ. රෙද්ද කනෙන් අදින්නෙ. මට කොහොමත් තදින් නින්ද යන්නෙ නෑ. අනික කතා කරපු ගමන් ඇහැරෙනවත් එක්ක. හුම්ම්.. මූට ඒක තේරෙන්නෙ නෑනෙ. ගින්දර යනවා වගේ දැණුන කන අත ගගා කා එකේ වහලා තිබුන ශටර් එකෙන් වටපිට බලද්දි එලිය හොඳටම කරුවල වෙලා තිබුනා. අද දවස නං මරු. හහ්.. ආල පුරන්නට හිත් බෝමයි.. සිග්නල්.. සිනා බෝ වේවා..
මොනෞත්තක්ද මං මේ හිතන්නෙ. ඔලුව ගසලා දාලා කා එක අස්සෙ තියන අයියගෙ වතුර බෝතලෙන් වතුර උගුරකුත් බීලා ශීට් එක උඩට කකුල් දෙක ගන්න යද්දිම..
චටස් ගාලා විසාල සද්දයක් ඇහුනා අපෙ හාංදුරුවනේ!
"දාපිය කකුල් පහලට. තියන ජරාව ඔක්කොම උලාගෙන ඇවිල්ලා ශීට්වලත් ගානවා."
"අනේ මේ.."
අයියට රවලා අහක බලාගත්තත් කකුල් දෙක පහලට දැම්මෙ ආයෙ ගුටි කන්න බැරි නිසා. යකඩ කාලා වගේ දුලීකා.
"අනේ මහලොකු ශීට් එක. දැන් මට වඩා ශීට් එකනෙ වටින්නෙ. ආදරෙයි නං මට ඕනෙ විදිහට ඉන්න දෙන්න ඕනෙ. මඟුල."
"මඟුල පෙන්නනවා මං දැන්. කියපිය කොහාටද හරවන්න ඕනෙ කියලා. අනික ආදරේ පලියට උඹට ඕනෙ ඕනෙ විදිහට නටන්න දුන්නොත් මරුවට තියෙයි."
"මං ඔහේගෙ ආදරවන්තයා නෙවෙයි. අනික මං ඉන්නෙ මට ඕනෙ විදිහට. මාර පකේ නීතිනෙ යකෝ මේ.. ආව්.. අයියේ..!!!!"
YOU ARE READING
හිස්තැනක් (COMPLETED)
Non-Fictionඅති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..