D-Day 3

732 115 12
                                    

හවස අයියගෙ වැඩ නිසා ටිකක් අවුල් වෙලා වගේ හිටපු මගෙ මූඩ් එක හරියන්න කියලා අයියා ෆිල්ම් එකක් දැම්මා. මොකද්දෝ හොල්මන් හුචක්කුවක් දාලා මමත් හොල්මන් වෙලා හිටියෙ. ගෙදර ඇඳ යට හිටිය යකා මේ ඇඳ යටටත් ඇවිත් ඇත්තෙ. ඒ නිසා මම ඇඳෙන් බැස්සෙවත් නෑ. ඒත් අයියට වතුර ඕනෙ වෙලා මට පහලට ගිහින් ගේන්න කිව්වා. දන්නවනෙ මගේ ලොකුකම ඔය ඔක්කොටම වඩා හපන් කියලා. ඉතින් ආත්මාභිමානය රැකගන්න යමන් පුතේ පෙරට කියලා පාන්දර එකට විතර මට පල්ලෙහාට එන්න සිද්ද වුනා. ඒකත් තට්ට තනියම. කබානා එකේ කණාමැදිරි බල්බ් එකක් විතරයි පලාතටම තිබුනේ.





ආකාසට්ටාච භුම්මට්ටා
පසන්න මදුරං සුභං
වේනෙයියකෝ මුදවනන්
වලි සීත ලම්හී





ඌප්ස්..
සොරි වෙන්නෝනෙ මිස්ටර් යක්කු. ලිරික්ස් පොඩ්ඩක් වැරදුනා.





ඉතින් මං ආයෙම ඉතිපිසෝ ගාථාව කිය කිය වතුර එකක් අරන් ආවා. හෙනම ගහපිය අයියට. මහ පාන්දර මං වගේ ඇහැට කනට පේන සුන්දර තරුණයෙක්ව එලිපහලියට යවනවට. නිකන් හිතන්න. හොරෙක් එහෙම එලියෙ හිටියනං මාව මරලා යයිනෙ. එහෙම උනොත් අයියට කෝ රටක් වටින කොල්ලෙක්. හා.. කෝ කියන්න.. ඒකනෙ. තේරෙන්නෙ නෑ මේ උලමට ඒක.




හරි. ඒ සීන් එක එතනින් කට්.







පහුවදා උදේ. හිහී.. අපි අවදි වෙද්දිම දහය පහු වෙලා තිබුනා. ඇඳේ ඉඳන් ඈලිමෑලි කඩන්න පැය බාගයයි. ඇඳෙන් නැගිටලා බිමට බහින්න තව පැය කාලයි, එතනින් බාතෲම් එකට යන්න පැය බාගයයි, ශෙරොන් කුමාරයට නාගන්නම පැයයි (ඔය නලුවො කවුරුත් ගණන් ගන්නෙ නෑ. ඒකයි ඒ ගැන සඳහනක් නැත්තෙ) ලෑස්ති වෙන්න වෙනම පැයයි, ඉතුරු අමුක ඩුමුක ටික කරගන්න තව පැයයි.. ඔය ඔක්කොම ඉවර වෙලා අපි කන්න ගියේ උදේටයි දවල්ටයි එකටම. අවුලක් නෑ. කවුරුත් අපි දිහා අමුතුවට බැලුවෙ නෑ.

වැස්සක් එන්න කලින් අද ගමන යමු කියලා අපේ ගයිඩ් කිව්ව නිසා අපි ඉක්මනට ලන්ච් එක අරගෙන ලෑස්ති වුනා.

"අයියේ මගෙ මෙව්වා එක කෝඕඕඕඕඕඕඕ.....!!!!!!!!!!"

"කන අස්සෙ ඉඳන් කෑ ගහන්න එපා හරකො. මං දන්නවද දැන් උඹෙ මෙව්වා එක." අයියා මාව පඩේකට ගණන් ගන්නෙ නැතුව එයාගෙ ඇඳ අස් කරා.

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now