මැච්

803 146 42
                                    

මැච් එකේ ටොස් එක හම්බුනේ lians club එකට. එයාලා ඉස්සරවෙලාම ප්ලේ කරන්න චාන්ස් එක දුන්නේ AISM එකට. මැච් එක පටන් ගත්තු වෙලාවෙ ඉඳලම මං හිටියේ first aid රූම් එකේ. ඔහේ මුල්ලකට වෙලා ෆෝන් එක ඔබ ඔබ.

"ආදරේට හේතු ගේන ආදරී ඔයා.. අව්.. රෝස කල්පනා.. පායලා පාවෙලා.. විද්වාන්.. මොනාද කරන්නේ. වරෙන්කො බං. මං උඹව හොයාගෙන ආවෙ."

ශිෆාන් මාව හොයාගෙන ඇවිත්.

"මට බෑ බං. උඹ පලයන්."

"මොකද්ද ඕයි ලොකු ළමයෙක් වෙලා වගේ මුලුගැන්නිලා ඉන්නේ. එනවකෝ එලියට. ඔන්න බලහන් අපි දින්නෙ නැත්තන් මං ඔලුව බූ ගාන එක ගානවා."

"උඹෙ?"

"පිස්සුද.. මට කහන්නෙ නෑ කොහෙවත්. උඹෙ ඔලුව බූ ගාන්නෙ. වරෙන්කො බං එලියට. ඊශාන් අයියා බැට් කරන්නෙ. ආයෙ ලොවෙත් නෑ. වරෙන්කෝ.." ශිෆාන් මගෙ අතින් ඇද්ද පාර මට නිකම්ම නැගිට්ටුනා.

දැන් නං කොහොමත් යන්න බෑ. මටෝන්නෑ ඔය උලමා ප්ලේ කරනවා බලන්න.

"කිව්වම අහලා ඉන්න දීපන්කො හු$%. මට කම්මැලියි ඕක බලන්න. අනික ඊශාන්ගෙ මොනවා බලන්න කියලද?"

අන්තිම ටික කට අස්සෙන් වගේ කිව්වට කරුමෙට ඒකත් අරූට ඇහුනා.

"ඊශාන්ගෙ මොකක් හරි බලමු එලියට ගිහින්. උඹ වරෙන්කො. අපෙ උන් ඔක්කොම එලියෙ."

ඒත් එක්කම ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනුනා.

"ඒයි සප්තලං. මං ඇවිත් ඉන්නෙ. කොහෙද උඹ ඉන්නේ."

"විනාඩියක් දීපං මං එන්නම් ගේට් එක ලඟට."

මන්දිල් ඇවිත්. මැච් එක නං බලන්න නෙවෙයි. ඕකා එන්නෙ මාත් එක්ක මල් කඩන්න.
අද එයාලා නුවර ඇවිත් ඉන්නේ නෑදෑ ගෙදරක. ඉතින් පැය කීපයක් හරි මාත් එක්ක ඉන්න කියලා තමයි ඔය එනවා කිව්වේ.

රූම් එකෙන් එලියට ආවාම කෙලින්ම ග්‍රව්න්ඩ් එක පේන්නෙ. ශිෆාන්ව යවලා මම ගේට් එක පැත්තට දුවගෙන ගියා. මට ඇහෙනවා අපෙ පැත්තෙ ඕඩියන්ස් එකම නලුවගෙ නම කියලා යටිගිරියෙන් චියර් කරනවා. කෙල්ලො තමා හොඳටම කරන්නේ. මම නලුවා ප්ලේ කරන දිහා බලන්නෙවත් නැතුව මන්දිල්ව හොයන්න ආවා.

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now