මරච්චුක්කාඩිවලට එනකන් අපි බස් එකේ ආපු ගමන් ගැන කියන්න යන්නෙ නෑ මම. මොකද ඒක එච්චරකට මහන්සියෙන් පිරිච්ච ගමනක්. අපි නැවතෙන්න ලෑස්ති කරගෙන තිබුනේ ඒ ස්කෝලෙට ළඟම තිබ්බ හොටෙල් එකක. ස්කෝල පහට කාමර දෙකයි අර අයියලා දෙන්නට පොඩි කාමරයකුයි සර්ලා පස් දෙනාට ඉන්න තව කාමර දෙකකුයි.
හොටෙල් එකේ වීව් එක ගැන කිව්වොත් කියන්න මහලොකු දෙයක් නෑ අනේ. අපි හිටිය කාමරේ බැල්කනියට ගිහින් බැලුවාම ලස්සන ගාඩ්න් එකක් පේනවා. ඈත පූල් එකත් පේනවා. මන්දිල්ගෙයි මගෙ රූමා උනේ මුන්ෂිෆුයි ඌත් එක්ක ආපු අනිත් කෙනයි. අනිත් රූම් එක ලොකු නිසා ඒකේ අනිත් හය දෙනා හිටියා. තිබ්බ මහන්සියට හැමෝම ආපු ගමන් පෙරේතයෝ පොලේ ගහලා වගේ ඇඳවලට වැටුනා. පැය තුනකට හතරකට විතර පස්සෙ අපි වොශ් එකක් දාගෙන එද්දි තුනටත් ලං වෙලා තිබුනා. ලන්ච් එක රූම් වලටම එවපු නිසා අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් තිබ්බෙ නෑ ඩයිනින් රූම් එකට යන්න.
ඉතින් ඔය ඔක්කොම ඉවර වෙලා හැමෝම එකතු වෙද්දි හවස හයත් වෙලා තිබුනා. සර්ලා හිටිය ලොකු කාමරේක තමයි අපි රියසල් කරන්න ලෑස්ති උනේ.
"විද්වාන්, අශාන්ලටත් එන්න කියන්න. ඒ ළමයි දෙන්නා ලෑස්ති වෙල ඉවර නම්."
"okay sir"
ප්‍රොජෙක්ටස් ඔන් කරගෙන presentation එහෙම හරිද කියලා බලන අතරේ තිසල් සර් මට කියද්දි අතේ තිබුන මයික් එක මන්දිල්ට දීලා මම රූම් එකෙන් එලියට ආවා. බැල්කනිය දිගේ එද්දි ඈතින් සංගීත සද්දෙයක් ඇහුනා.
Hum tere bin
Ab reh nahi sakte
Tere bina kya vajoodh meraඒ හරියෙ ඩයිනින් හෝල් එකක් තිබ්බේ. ඒ ස්ටේජ් එක උඩ බෑන්ඩ් එකක් ප්ලේ කරනවා. එක බෝයි කෙනෙක් පොඩි ස්ටූල් එකක ඉඳගෙන මයික් ස්ටෑන්ඩ් එක අතින් අල්ලන් ඇස් දෙකත් පියාගෙන සින්ග් කරනවා. ඒ වොයිස් එකනම් වශියක්. හෝල් එකේ මිනිස්සු ටිකක් හිටියා. එයාලා පොඩි පොඩි ඩ්‍රින්ක්ස් වගයක් ගන්න ගමන් හිටියේ. මම ඒ දොරෙන් හෙමීට ඇතුලට ඇවිත් දොර ලඟම පුටුවෙන් ඉඳගත්තා.
Hum tere bin
Ab reh nahi sakte
Tere bina kya vajoodh meraTujh se juda agar ho jayenge
Toh khud se hi ho jayenge juda
YOU ARE READING
හිස්තැනක් (COMPLETED)
Non-Fictionඅති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..