බුසී බුසී

1.1K 173 23
                                    

ටික දවසකින් AISM එකෙන් Tob Board apply කරපු හැමෝටම project එකක් කරන්න බාර දුන්නා. ළමයි පස්දෙනා ගානෙ ගෲප්ස් වලට බෙදලා.. ඊට පස්සෙයි අපිට කිව්වේ මොකක් හරි charity event එකක් කරන්න කියලා. මං ඉන්න grp එකට වැටිලා තිබ්බ හැමෝම එක එක පළාත්වල අය. ඉතින් ඉස්සල්ලාම අපි meeting එකක් ගත්තේ online. තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි අපි හැමෝම එකිනෙකාට ගොඩක් දුරින් ඉන්න එකත් physically meet වෙන්න තිබ්බ අමාරුවත්.

ඒත් ඉතින් එහෙමයි කියලා බෑනේ. ඒ නිසාම ඉක්මනින් දවසක් දාගෙන කතාවෙලා අපි පස් දෙනාම නුවරදි සෙට් උනා. හැම වෙලේම මෙහෙම සෙට් වෙන්න අමාරු නිසා හම්බුන දවසෙම අපි කරන්න පුළුවන් හැමදේ ගැනම කතා කරගෙන ඉවර කරගත්තා. අපේ project එකට තීම් එකක්.. කාටද ඒක present කරන්නේ.. කොච්චර පිරිසක්ද.. කොයි වගේ කට්ටියක්ද.. කොහොමද කරන්නේ.. කොච්චර බජට් එකක් යනවද.. බජට් එකට යන ගාණ කවර් කරගන්නෙ කොහොමද.. ඔය හැම දේ ගැනම අපි කතා කරගත්තා. අපේ ස්කෝල්වල media clubs පහමත් මේකට join කරගන්න කතා උනා.

මුන්ෂිෆ්, ශිෆාන්, රශ්මින්, හනන්... මගෙ ටීම් එකට ඇත්තටම ගොඩක් friendly ළමයි ටිකක් සෙට් වෙලා තිබුනේ. ඉතින් මගේ පණ්ඩිතකම සුට්ටක් පැත්තකට දාලා එයාලා එක්ක මම හොඳට කතා කරලා හිටියා. මොකද මේ වගේ වැඩකදි ලොකු සීන් දැම්මා කියලා හම්බෙන ලබ්බක් නෑනෙ.

අපේ ප්‍රොජෙක්ට් එක උනේ මරච්චුක්කාඩි වල ස්කෝලෙක ළමයි වගේකට IT skills ගැන workshop එකක් කරන්න දවස් හතරක. මෙහෙමයි ඉතින්.. කරන්න ටිකක් අමාරු වැඩක්. ඒ උනාට මුන්ෂිෆ් ගේ අයිඩියා එකට අපිට ආස හිතුනා. එයා මරච්චුක්කාඩි වල ඉඳන් මීගමුවට ආපු කොල්ලෙක්. ඉතින් ඒ පැත්තෙ ළමයි හරි ආසයිලු IT field එකට. ඒත් උගන්නන්න කවුරුත් නැල්ලු. ඒ වගේම මුන්ෂිෆ් කියන පැත්තෙ ස්කෝල ටිකක් දුප්පත්. අපි ගිහින් ඒ ළයින්ට IT ගැන කියලා දෙනවා වගේම ඒ ළමයින්ව motivate කරන්නත් ප්ලෑන් කරා. ඒත් එක්කම් තමයි එයාලගෙ ඉගෙනීම පැත්තෙන් භෞතික උපකරණ දීලා උදව් කරන්නත් හිතුවේ. ඉතින් අපෙ project එක ටිකක් ලොකුයි.

"හොඳ ටික.. උඹලා හෙන ලොකු වැඩක්නෙ බං කරන්න යන්නේ..."

"ඒ උනාට අයියේ අපිට මේක කරන්නම ඕනේ."

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now