@D__AA_N

672 110 14
                                    

"සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.."

"පුතා...."

"කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා..."

"පුතා..!!"


"නාලා...."


"ළමයෝ.. කන් ඇහෙන්නැද්ද.."



"හැඩ වැඩ වෙන්න ඔයා... ලස්සන කළු පොළඟා.. එන..."


"පුතා...!!!!"



"කියන්න මැඩම්.. මම නාලා ඉවර නෑ අප්පා.."
ශැම්පූ ආධාරයෙන් හද හද හිටිය සොනික් හෙයාස්ටයිල් එක ආයෙම වෙන විදිහකට හදන ගමන් මං බාතෲම් එක අස්සෙ ඉඳන්ම අම්මට කෑ ගැහුවා.





"ඊශාන් පුතා කෝල් කරා. ඔයාලගෙ ගෙට් එකට යන්න ඇඳුම් ගන්න යනවා කියලා ඔයාට කියන්න කිව්වා. හතර වෙද්දි ලෑස්ති වෙලා ඉන්නලු.."

"ඉතින් ඒක මට කියන්න බැරිද ඒ මිනිහට.."

"ඔයාගෙ ෆෝන් එකට අරගෙන. ඒක ඇඳ උඩනෙ ඉතින්."

"ඉතින් දැන් අම්මා මාව යවන්නද හදන්නේ."

"ඉතින් ඒ ළමයා එක්ක ගියා කියලා ඇති වැරැද්ද මොකද්ද.. අනික කොහොමත් ඕකට කිට් එකක් ගන්න ඕනෙ නිසා ඒ ළමයා එක්ක යන එකත් ලේසීනේ.."

"මටත් දැන් තේරිලා තියෙන්නෙ.."

"මොනවද.."

"ඉතින් අම්මට පුළුවන් ද මේ දේව දූතයෙක් වගේ ඉන්න පුතාව ඒ වගේ යක්ස ආත්මයක් එක්ක බය නැතුව තනියම ගමන් යවන්න."

"ඔයාව නෙවෙයි.. ඒ ළමයව ඔයත් එක්ක තමා තියන්න බය. උඹනෙ එතන ඉන්න අමනුස්ස පැටියා."

"අනේ අම්මේ මේ.. මට පාඩුවේ නාන්න දෙනවද."

"තේ හදලා තියෙන්නෙ. ඉක්මනට ලෑස්ති වෙලා එන්න.."












හදිසි කාලගුණ තත්තවයක් නිසා යුනි එකේ වැකේශන් එක තවත් සති දෙකහමාරකින් දික් කරලා. දැන් මම ලංකාවට ඇවිත් මාසයකටත් කිට්ටුයි. එදා ට්‍රිප් එක ගිහින් ආවත් හරි මම අයියා එක්ක හරියට කතා කරේම නෑ. අයියා ඒකට නම් ගොඩක් තරහෙන් ඇත්තේ. එයාගෙ හැසිරීමෙන්ම ඒක තේරෙනවා. ඒත් මටවත් හේතුවක් හිතාගන්න බැරුව මට ඕනෙ වෙල තිබ්බේ පුළුවන් තරම් අයියව මඟාරින්න වෙද්දි එයාගෙ මැසේජ් වලටනම් රිප්ලයි නොකර ඉන්න හිත හදාගන්න බැරි වුනා.



හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now