D-Day 2

768 120 23
                                    

මොකක් හරි දෙයකින් මම ඇහැරුනා. ඒත් එක්කම ඔලුව රිදිල්ලක් එක්ක මම ඇස් දෙක ඇරියා. ටිකක් වෙලා ගියා මට ඉන්නෙ කොහෙද කියලා මතක් වෙන්න. අපි ට්‍රිප් එකක් ආවා නේ. හවස  ඈවත් එක්ක. රෑ BBQ පාටියකුත් තිබුනා.


හුටා....!


මම බිව්වා නේද....!!



ඒකයි එහෙනන් ඔලුව රිදෙන්නෙ මේ. අනේ දෙයියනේ මම මොකද්ද් මේ කරේ. ශික්කේයියා. ආයෙ නං බොන්නෙ නෑ. වමනෙත් යන්න වගේ තාම. මම නැගිටලා ඇඟෙන් ශීට් එක අයින් කරා. ඒත් ඒ අයින් කරාටත් වඩා වේගෙන් ආයෙම ශීට් එක ඇඟේ ඔතාගත්තා කිව්වොත් හරි. මොකද මගෙ ඇඟේ එකම එක නූල් පොටක්වත් තිබ්බෙ නෑ!!

ඔව් ඉතින්. නෑ කියන්නෙ නෑ තමා. වටපිට බලද්දි අයියගෙ ඇඳ උඩ මගේ ඇඳුම් ඔක්කොම නමලා තිබුනා. ආයෙම මං ඉක්මනට මගෙ පපුව දිහා බැලුවා. නෑ නෑ.. තැලීම් සීරීම් පාරවල් නෑ. බෙල්ල අතගාලා බැලුවත් කිසි වෙනසක් දැනුනෙ නෑ. ඇඟේ අමාරුවක් නං ලාවට දැනුනා. ඒත් එක්කම දැක්කෙ මගෙ ඇඳේ පහලට වෙන්න බෙඩ් ශීට් එකේ පොඩි ලේ පැල්ලමක්!!


අනේ.. ඊයෙ රෑ යමක් සිදු වෙලාවත් ද...




සඳමාලීඊඊඊඊඊඊඊඊ!!!!!!!







"ආ.. පොඩි මෑන් නැගිට්ටද?"

ඒත් එක්කම රූම් එකට ආවෙ අයියා. ඔතාගෙන හිටිය ශීට් එක මම තව ටිකක් ඇඟේ ඔතාගත්තෙ මගෙ ඇස් දෙකයි නහයයි කටයි විතරක් අයියට පේන්න වෙද්දි ඒක දැකලා අයියට හිනත් ගියා. ඒත් ඒක කැස්සක් බවට හරවපු අයියා අතේ තිබ්බ වීදුරුව ජනෙක් පඩිය උඩින් තියලා මං ගාවින් ඇඳේ ඉඳගත්තා. ඊට පස්සෙ කරේ එක දිගට මං දිහා බලන් ඉන්න එක වෙද්දි කොහෙදෝ නැති ලැජ්ජා නහරෙ ආයෙම මාව හොයන් ඇවිත් තිබුනා. මට මං ගැනම කලකිරීමක් ඇති වුනා. ඒත් එක්කම වෙලා තිබ්බ දේවල් මතක් වෙලා මගේ ඇස්වලට කඳුලු උනනවා මටම දැනෙද්දි මං දැක්කා අයියා කලබල වෙනවා.


"ඒයි ඒයි.. ශෙරොන්.. ඇයි මේ.."

මම අයියගෙ අත ගසලා දාලා අඬ අඬම ශීට් එකේ ගුලු වෙලා අනිත් පැත්ත හැරෙන්න යද්දි අයියා මාව ඇදලා අරගෙන එයාගෙ අත්වලට මැදි කරගත්තා. ඒත් මං දඟලව්වෙ එතනින් ගැලවෙන්න වෙද්දි අයියා මගේ කන්වලට කොඳුරනකොට මාව සංසුන් වුනේ මටවත් නොදැනිමයි.

හිස්තැනක් (COMPLETED) Where stories live. Discover now